නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින්…

නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි.

සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කරයි: “නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

කතා කරන විට එය හොඳක් ද නරකක් ද යැයි සිතා නොබලා කකා කරන ඇතැම් ජනයා මිනිසුන් අතර සිටින බව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා අප හට දන්වා ඇත. එහි ප්රතිඵලය වශයෙන් සිතා බලා කතා නොකරන හේතුවෙන් එසේ කතා කරන්නා තහනම් කරනු ලැබූ කටයුත්තක වැටෙනු ඇත. නිරා ගින්නෙහි අල්ලාහ්ගේ දඬුවමට ඔහුව ඉදිරිපත් කරනු ඇත. -අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!- ඇතැම් විට ඔහු නිරයේ ඈත ස්ථානයක වැටෙනු ඇත. එය නැගෙනහිර හා බටහිර අතර ඇති දුර ප්රමාණයට වඩා දුරස්ත වේ.

التصنيفات

කතා කිරීමේ හා නිහඬවීමේ ආචාරධර්ම