إعدادات العرض
ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත්…
ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි.
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි. තවත් වාර්තාවක ශහීද් භාවයේ මහිමය ඔහු දැක ඇති බැවිනි යනුවෙන්ද සඳහන් වී ඇත.
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdîالشرح
ස්වර්ගයට පිවිසීමෙන් පසුව එයින් වෙන්ව නැවත වාරයක් මෙලොවට පැමිණීම ආශා කරන කිසිවකු නැත. නිධන් හා වටිනා වස්තුව මහපොළොව පිරෙන්නට පිරිනැමුවද උසස් ගණයේ මාලිගාවන් හා වතු ඔහුට දුන්නද එයට ආශා නොකරනු ඇත. පසුව එතුමාණෝ ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය වෙන් කර දැක්වූහ. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදා එක් වරක් වෙනුවට දසවාරයක් ෂහාදාව තුළින් ජය ලබන්නට ප්රිය කරයි. එය ෂහීද් වරු ලබන ගෞරවය ඔහු දැක ඇති බැවිනි.التصنيفات
අරගල කිරීමේ මහිමය