ඉඳි කෝටුවක් විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ මත වූහ. -එනම් කුත්බා දේශනයේදීය- මින්බර් මත එතුමා තබන කල්හි,…

ඉඳි කෝටුවක් විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ මත වූහ. -එනම් කුත්බා දේශනයේදීය- මින්බර් මත එතුමා තබන කල්හි, ගැබ්බරවූ ඔටු දෙනකුගේ හඬට සමාන ඉඳි කෝටුවේ හඬට අපි සවන් දුනිමු. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පහළට බැස ඒ මත එතුමා තම අත තැබූහ. එවිට එය සන්සුන් විය.

ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් -රළියල්ලාහු අන්හුමා-තුමා විසින් වාර්තා කරන ලදී. කුත්බා දේශනයේදී නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ මත රැඳී සිටින ඉඳි කොටය(කින් වූ වේදිකාව)ක් විය. එම මින්බරය තබනු ලැබූ විට ගැබ්බරවූ ඔටුවකුගේ හඬට සමාන හඬක් එම කොටයෙන් සවන් දුනිමු. එය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පහළට බසින තෙක්ම විය. පසුව එතුමා ඒ මත තම අත තැබූහු. එවිට එය සන්සුන් විය. තවත් වාර්තාවක. ජුමුආ දින පැමිණි විට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මින්බරය මත වාඩි වූහ. එතුමා දේශනා කරමින් සිටිය දී එතුමා අබියස පිහිටි ඉඳි කොටයක් එය පැළී යන්නාක් තරමට හඬ නගන්නට විය. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා බැස එය රැගෙන එය තමන් සමග තුරුල් කර ගත්හ. වැටුණු දරුවකු කෙඳිරි ගාන්නාක් මෙන් එය නිකුත් කළ කෙඳිරිය සන්සුන් වන තෙක්ම නිහඬ කරවන්නට විය. එතුමා: එය උපදෙසට සවන් දුන් කරුණු සඳහා හඬන්නට විය යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.]

الشرح

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම වේදිකාව වශයෙන් ඉඳි කොටයක් අරගත්හ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එහි යොමු වූ කල්හි එම කොටයේ හඬට සවන් දුන්හ. එය අඬන්නට වූයේ, උපදෙස තුළින් එය සවන් දුන් කරුණු හේතුවෙනි.

التصنيفات

(දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්, නබිතුමාගේ දේශනයන්හි එතුමාගේ මඟපෙන්වීම (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)