අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ උදවිය රාත්රී ආහාරය නොලබාම හිස් බඩින් අඛණ්ඩව…

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ උදවිය රාත්රී ආහාරය නොලබාම හිස් බඩින් අඛණ්ඩව රාත්රී ගණනාවක් ගත කරන්නට වූහ. ඔවුන්ගේ රොටි බොහෝ විට බාර්ලි රොටි විය.

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ උදවිය රාත්රී ආහාරය නොලබාම හිස් බඩින් අඛණ්ඩව රාත්රී ගණනාවක් ගත කරන්නට වූහ. ඔවුන්ගේ රොටි බොහෝ විට බාර්ලි රොටි විය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

الشرح

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කිසිදු ආහාරයක් නොගෙන අඛණ්ඩව එක දිගට රාත්රි ගණනාවක් නින්දට වැටෙන්නෙකු වූහ. එතුමාගේ බිරියන් මෙන්ම පවුලේ උදවිය ද එලෙස නින්දට වැටුනහ. ඊට හේතුව ඔවුන් රාත්රී ආහාර නොලැබූ හේතුවෙනි. බොහෝ විට ඔවුන්ගේ රොටි බාර්ලිවලින් විය. එය තිරිඟු හා වෙනත් ධාන්යවලට වඩා මිලෙන් අඩු විය.

التصنيفات

නබිතුමාගේ ආහාරපාන (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)