තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස…

තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස අවධානය යොමු කර නොබලයි.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස අවධානය යොමු නොකරයි. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම් කාම අපචාරයේ යෙදෙන වැඩිහිටියා, මහත්සේ බොරු කියන පාලකයා, අහංකාරකම් පාන දුප්පතා.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරන ඔවුන්ව පිරිසිදු නොකරන ඔවුන් දෙස අවධානය යොමු නොකරන කණ්ඩායම් තුනක් මිනිසුන් අතර වෙති. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම්, කාම අපචාරයේ යෙදෙන වයසට ගිය වැඩිහිටියා, බොරු කියන පාලකයා, අහංකාරකම් පා වෙනත් අය අවමානයට ලක් කරන දුප්පතා.

التصنيفات

අපහාසාත්මක සාරධර්ම