إعدادات العرض
මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු…
මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔවුහු ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඒ ගැන යහපත කියමින් පැසසුමට ලක් කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය’ යැයි පැවසූහ. පසුව, තවත් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඒ ගැන අයහපත කියමින් වර්ණනා කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය.’ යැයි පැවසූහ. පසුව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ‘නියම වූයේ කුමක් ද?’ යැයි විමසීය. එවිට එතුමාණෝ: “මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත වර්ණනා කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.” යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Portuguêsالشرح
සහාබාවරු කිහිප දෙනෙක් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඔහු ගැන යහපතත්, ඔහු අල්ලාහ්ගේ දහම මත ස්ථාවරව සිටිය බවත් සාක්ෂි දැරුවෝය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන්ගේ අගය කිරීමට සවන් දුන් කල්හි එතුමාණෝ ‘එය නියම විය’ යැයි පැවසූහ. පසුව, තවත් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. නමුත් ඔහු අයහපත කියමින් ඔවුහු සාක්ෂි දැරුවෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය.’ යැයි පැවසූහ. පසුව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ‘එය නියම විය’ යනුවෙන් එම ස්ථාන දෙකෙහි කළ ප්රකාශයෙහි තේරුම කුමක්දැ?යි විමසා සිටියේය. සැබැවින්ම ඔබ කවරෙකුට යහපත, දැහැමිභාවය හා ස්ථාවරභාවය සම්බන්ධයෙන් සාක්ෂි දැරුවෙහු ද ඔහු ස්වර්ගය නියම වූ අයෙකි. එමෙන්ම කවරෙකු සම්බන්ධයෙන් නපුර කතා කරමින් සාක්ෂි දැරුවෙහු ද ඔහු අපා ගින්න නියම වූ අයෙකි. ඇතැම් විට කුහකත්වය හෝ වෙනත් යම් කරුණකින් ඔහු ප්රචලිත වී තිබෙන්නට පුළුවන. පසුව සැබැවින්ම සත්යය, භාග්යවන්ත හා දැහැමි ජනයා කවරෙකු සම්බන්ධයෙන් ඔහුට ස්වර්ගය හිමිය යැයි හෝ නිරය හිමිය යැයි හෝ සාක්ෂි දැරුවෝ ද සැබැවින්ම ඔහු එලෙසම වනු ඇත.