ඔබ අතුරින් කිසිවකුගේ පාවහන් පටිය කැඩී ගිය විට එය සකසා ගන්නා තෙක් අනෙක් පාවහන පැළඳ ගමන් නොකළ යුතුය.

ඔබ අතුරින් කිසිවකුගේ පාවහන් පටිය කැඩී ගිය විට එය සකසා ගන්නා තෙක් අනෙක් පාවහන පැළඳ ගමන් නොකළ යුතුය.

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතුරින් කිසිවකුගේ පාවහන් පටිය කැඩී ගිය විට එය සකසා ගන්නා තෙක් අනෙක් පාවහන පැළඳ ගමන් නොකළ යුතුය.“

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

තම පාවහන කැඩී, එය පැළඳ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූ විටක, එක් පාවහනක් පමණක් පැළඳ ගමන් කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. පළුදු වූ දෑ සකසා ගැනීම හෝ අනෙක ගලවා පාවහන් නොමැතිව ගමන් කිරීම ඔහු අනුගමනය කළ යුතු වේ.

التصنيفات

ඇඳුම් පැළදුම් හා අලංකාරය