කුහකයාට නායකයකු යැයි නුඹලා නොපවසනු. හේතුව සැබැවින්ම ඔහු නායකයකු වී නම් නුඹලා නුඹලාගේ පරමාධිපති කෝප කළෙහුය.

කුහකයාට නායකයකු යැයි නුඹලා නොපවසනු. හේතුව සැබැවින්ම ඔහු නායකයකු වී නම් නුඹලා නුඹලාගේ පරමාධිපති කෝප කළෙහුය.

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව බුරෙය්දා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "කුහකයාට නායකයකු යැයි නුඹලා නොපවසනු. හේතුව සැබැවින්ම ඔහු නායකයකු වී නම් නුඹලා නුඹලාගේ පරමාධිපති කෝප කළෙහුය."

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

الشرح

හදීසයේ තේරුම: “සැබැවින්ම කුහකයා වනාහි ඔහු ඔහුගේ පිරිසේ ප්රධාන නායකයකු වී, ඔහුට ‘නායකයා’ යන නම නුඹලා භාවිත කළෙහු නම්, සැබැවින්ම නුඹලා අල්ලාහ්ව කෝප කළෙහුය. සැබැවින්ම එය ඔහුට සිදු කළ ගරුබුහුමන් කිරීමක් වන බැවිණි. ඔහු ගරු කිරීමට සුදුසු අයකු නොවේ. ඔහුගේ ප්රජාවේ ඔහු නායකයකු නොවී නම් හෝ ඔහුගේ ප්රජාවේ ප්රධානියෙකු නොවී නම් සැබැවින්ම එය බොරුවක් හෝ කුහකත්වයක් වනු ඇත. මෙම තත්ත්වයන් දෙකෙහිම කුහකයින්ට නායකයා යන පදය භාවිත කිරීම තහනම් කර ඇත. එසේම දේවත්වය ප්රතික්ෂේප කරන්නා, දුෂ්ඨයා හා දහමට අලුත් දෑ එකතු කරන්නා යන අයද එසේමය. ඔවුනට නායකයින් යනුවෙන් පොදුවේ භාවිත කිරීම සුදුසු නොවන්නේය. මෙය සහාබාවරුන් හා ඔවුන්ගෙන් පසු පැමිණියවුන්ට පොදු තහනමක් විය. ඔවුන්ගේ කාලයේ කුහකයෝ කණ්ඩායම් දෙකක් ලෙස සිටියෝය. පළමුවැන්න: ඔවුන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා රහස්ය දෑ ගැන දැන සිටි හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා හැර වෙනත් කිසිවකු නොදැන පිරිසයි. දෙවන පිරිස: සහාබාවරුන් පවා ඔවුන්ගේ කුහකත්වය ගැන දැන සිටි අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි වැනි අයයි. හදීසයට අදාළ වන්නේ මෙයයි.

التصنيفات

තහනම් වදන් හා දිවෙහි ආන්ත්රාවන්