අර්බුදකාරී තත්ත්වය යටතේ නැමදුම් කිරීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි.

අර්බුදකාරී තත්ත්වය යටතේ නැමදුම් කිරීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි.

මඃකල් ඉබ්නු යසාර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අර්බුදකාරී තත්ත්වය යටතේ නැමදුම් කිරීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි.“

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

හදීසයේ තේරුම: අර්බුධ වැඩියෙන් පවතින යුගයක, ගැටලු මුසුවී ඝාතන සිදුවෙමින් පවතින කාලයක නැමදුම් ඉටු කිරීම මක්කාහ් ජයග්රහණයට පෙර නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත හිජ්රත් කළ කෙනෙකුගේ භාග්යයට සමාන භාග්යයක් හිමිවන ක්රියාවකි. හේතුව මුහාජිර් වරයා තම දහමින් වළක්වන අයගෙන් තම දහම රැගෙන පළා ගියේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව පිළිපැදීමටය. එමෙන්ම අල්ලාහ්ව නැමදීම සඳහා වෙන්ව යන්නා එසේ වෙන්ව යනුයේ, තම පරමාධිපතිට ගැතිකම් කරනු වස්ය. ඔහු තම දහම රැගෙන මිනිසුන්ගෙන් පලා යයි. එනම්: ඔහු සැබෑ ලෙසින්ම ඔහුගේ පරමාධිපති වෙත හිජ්රත් කර ඇත. සියලු මැවීම්වලින් වෙන්ව ගොස් ඇත.

التصنيفات

යහපත් ක්රියාවන් හා බැඳුණු මහිමයන්