ජනයා අතර අල්ලාහ්ට වඩාත් උසස්ම පුද්ගලයා ඔවුන් අතුරින් සලාම් පැවසීමෙන් ආරම්භ කරන්නාය.

ජනයා අතර අල්ලාහ්ට වඩාත් උසස්ම පුද්ගලයා ඔවුන් අතුරින් සලාම් පැවසීමෙන් ආරම්භ කරන්නාය.

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((ජනයා අතර අල්ලාහ්ට වඩාත් උසස්ම පුද්ගලයා ඔවුන් අතුරින් සලාම් පැවසීමෙන් ආරම්භ කරන්නාය.)) ඉමාම් තිර්මිදි සතු තවත් වාර්තාවක: අල්ලාහ්ගේ දූතයාණනි, මිනිසුන් දෙදෙනෙකු හමුවෙයි. ඔවුන් දෙදෙනාගෙන් සලාම් පවසා ආරම්භ කළ යුත්තේ (මුළින්ම සලාම් පැවසිය යුත්තේ) කවරකු දැයි විමසන ලදී. එතුමා: ඔවුන් දෙදෙනාගෙන් අල්ලාට වඩාත් උසස් වූ පුද්ගලයා යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.]

الشرح

ජනයා අතුරින් ශ්රේෂ්ඨ එමෙන්ම ඔවුන් අතුරින් අල්ලාහ්ට අවනත වීමෙන් වඩාත් සමීප අය වනාහි තම සහෝදරයාට සලාම් පැවසීමෙන් යුහුසුළු වන අය වෙති. හේතුව අල්ලාහ් ඉදිරියේ ඇති දෑ පිළිබඳ ආශාවෙන් යුතුව අවනත වීමට මුලපුරා ඒ වෙත යුහුසුළුව කටයුතු කළ බැවිනි. එවිට ඔහු ජනයා අතුරින් වඩාත් උතුම් ඔවුන් අතුරින් අල්ලාහ්ට වඩාත් යටහත් පුද්ගලයකු බවට පත් වෙයි.

التصنيفات

යහපත් ක්රියාවන් හා බැඳුණු මහිමයන්, සලාම් පැවසීමේ හා අවසර පැතීමේ ආචාරධර්ම