සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන් හට අවසර දුන්නේය. නමුත් ඔහු නුඹලාට අවසර දුන්නේ නැත. එසේ මට අවසර දී ඇත්තේ දහවල්…

සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන් හට අවසර දුන්නේය. නමුත් ඔහු නුඹලාට අවසර දුන්නේ නැත. එසේ මට අවසර දී ඇත්තේ දහවල් කාලයෙන් එක් හෝරාවක් පමණය. පෙර දින එහි පැවතුණු ගරුත්වය මෙන්ම අද දින එහි ගරුත්වය නැවත පැමිණ ඇත. එහෙයින් සහභාගිවී සිටින්නා සහභාගී නොවූවනට දන්වා සිටිය යුතුය.

අබූ ෂුරෙය්හ් ඉබ්නු අම්ර් අල් කුසාඊ අල් අදවී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා අම්ර් ඉබ්නු සඊද් ඉබ්නු අල් ආස් තුමාට මෙසේ ප්රකාශ කළහ. -එතුමා මක්කා වෙත සේනාවක් යැවූහ- අහෝ සෙන්පතියාණනි! ෆත්හ් ජයග්රහණයට පසු දින සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා සිටි ප්රකාශයක් ගැන ඔබට දන්වා සිටින්නට මට අවසර දෙනු. එතුමා එය පවසන විට මාගේ දෙකන් එයට සාවදානයෙන් සවන් දෙන්නට විය. මාගේ සිත එය පැළපදියම් කර ගන්නට විය. මාගේ දෑස් ඒ දෙස බලන්නට විය.“නියත වශයෙන්ම එතුමා අල්ලාහ්ට ප්රශංසා කොට ඔහුව පැසසුමට ලක් කොට පසුව මෙසේ පවසා සිටියහ. නියත වශයෙන්ම මක්කාව අල්ලාහ් ගෞරවයට පත් කොට ඇත. එය මිනිසුන් ගෞරවයට පත් නොකළේය. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පුද්ගලයකුට එහි රුධිරය හැළීම අනුමත නොවේ. එහි ගස් උගලා දැමීම අනුමත නොවේ. එහෙයින් අල්ලාහ්ගේ දූතයාණන් සමග සටන් වදින්නට අනුමතය පතන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්ට අවසරය දී ඇත. නමුත් නුඹලාට අවසරය දී නැත. එසේ මට අවසර දී ඇත්තේ දහවල් කාලයෙන් එක් හෝරාවක් පමණය. පෙර දින එහි පැවති ගරුත්වය මෙන්ම අද දින එහි ගරුත්වය නැවත පැමිණ ඇත. එහෙයින් සහභාගිවී සිටින්නා සහභාගී නොවූවනට දන්වා සිටිය යුතුය. පසුව ඔබට ඔහු පවසා සිටියේ කුමක්ද? යැයි අබූ ෂුරය්හ්ගෙන් විමසන ලදී. එතුමා: අහෝ අබූ ෂුරෙයිහ් ඒ ගැන මම ඔබට වඩා දනිමි. සැබැවින්ම එම ගරුත්වය පාපියකු හෝ රුධිරය හළා පලා යන්නකු හෝ විනාශ කාරී ලෙස පළා යන්නකු ආරක්ෂා නොකරයි.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

අෂ්දක් හෙවත් රළු හඬක් ඇත්තා යැයි ප්රසිද්ධියට පත් අම්ර් ඉබ්නු සඊද් ඉබ්නු අල් ආස් තුමා මක්කාව වෙත සේනාවක් සූදානම් කොට යැවීමට සිතූ කල්හි, එදින එතුමා මදීනාවෙහි යසීද් ඉබ්නු මුආවියා යටතේ අබ්දුල්ලාහ් ඉබ්නු සුබෙයිර් -රළියල්ලාහු අන්හුමා- සමග සටන් වදින්නට සෙන්පතියෙකු ලෙස පෙනී සිටියේය. අබූ ෂුරෙය්හ් කුවය්ලිද් ඉබ්නු අම්රුල් කුසාඊ තුමා එතුමා වෙත ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට පැමිණියහ. උපෙදස් දෙනු ලබන කරුණ ඔහුගේ සිතෙහි මහත් දෙයක් විය. අබූ ෂුරෙය්හ් එහි යථාර්ථය පෙන්වා දෙන්නටත් මඟපෙන්වන්නටත් ඔහු සමග කතාවෙහි යෙදුණහ. එය තම උපදෙස පිළිගැනීමට හා යහපත් අවසානයක් වෙත ඇරයුම් කරනු පිණිසය. කවර කරුණක් සඳහා ඔහු පිටත්ව යන්නේද ඒ ගැන උපදෙස් දෙන්නට ඔහුගෙන් අවසර පැතූහ. පසුව තමන් ඔහුට දන්වා සිටින දෑ නිවැරදි යැයි ස්ථීර ලෙස දන්වා සිටියේය. එය සැබෑවක් බව ස්ථීර කළේය. එනම්, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ ගැන කතා කරන විට තම කන් දෙකින් සවන්දී තම සිතින් පිළිගෙන තම දෑසින් දැක ඇති බව අවධාරණය කරමිනි. ඒ අනුව අම්ර් ඉබ්නු සඊද් තුමා කතා කිරීමට අවසර දුන්හ. පසුව අබූ ෂුරෙය්හි මෙසේ පැවසූහ. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මක්කා ජයග්රහණ දින උදෑසන අල්ලාහ්ට ප්රශංසා කොට ඔහුව පැසසුමට ලක් කොට මෙසේ ප්රකාශ කළහ. සැබැවින්ම මක්කාව අහස් හා මහපොළොව මැවූ දා පටන් ගෞරවයට පත් කොට ඇත. එය ගරුබුහුමන් කිරීමට පුරාණ හා පිරිසිදු ස්ථානයකි. තාවකාලික නවාතැනකට හෝ ආහාර බුදින ස්ථානයකට හෝ ජලය ඇති ස්ථානයකට මිනිසා ගෞරවය කරන්නක් මෙන් එයට ගෞරවය නොකළේය. සැබැවින්ම අල්ලාහ් එහි ගෞරවත්වය භාර ගත්තේය. එය එහි මහිමය සදා රැඳීමටත් ප්රචලිත වීමටත්ය. එහි ගරුත්වය පුරාතන වුවද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පුද්ගලයකු තම විශ්වාසය රකින්නේ නම් එහි රුධිරය හැළීම හෝ එහි ගස් උගුලා දැමීම හෝ අනුමත නොවන්නේය. ෆත්හු මක්කාහ් දිනයේ සටන් කිරීමට අවසරය දෙන ලදී. සැබැවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයාණන් මෙන් නොවේ. සැබැවින්ම එසේ අවසර දෙන ලැබුවේ එතුමාණන්ට පමණය. නමුත් ඔබට අවසර දෙනු නොලැබීය. එ් අනුව එහි කිසිදිනක සටන් වැදීම අනුමත කරනු නොලැබීය. එය දහවල් කාලයේ එක් හෝරාවක් පමණක් විය. එයද අවශ්යතාවට අනුකූලය. එහි තිබූ ගෞරවය නැවතත් තිබූ අයුරින්ම පැමිණ ඇත. සහභාගීවී සිටින්නා සහභාගී නොවූ අයට දන්වා සිටිය යුතුය. එබැවින් අහෝ සෙන්පතියානනි! මක්කා ජයග්රහණ දින උදෑසන පැවසූ මෙම ප්රකාශයට මම පෙනී සිටියෙමි. මම ඔබට දන්වා සිටිමි. නමුත් ඔබ එහි පෙනී සිටියේ නැත යැයි පැවසූහ. එවිට ජනයා අබූ ෂුරෙය්හ්ගෙන් අම්ර් තුමා ඔබට පිළිතුරු දුන්නේ කුමක්ද? යැයි විමසීය. අහෝ අබූ ෂුරෙය්හි ඒ ගැන මම ඔබට වඩා මැනවින් දනිමි. සැබැවින්ම එම ගරුත්වය පාපියෙකු හා විනාශකාරී ලෙස පළා යන්නෙක් ආරක්ෂා නොකරයි. යැයි පැවසූහ. ඔහුගේ අදහසට හදීසය පටහැනි විය. ඉබ්නු සුබෙයිර් සමග සටන් කිරීම සඳහා සේනාවන් යැවීමෙන් ඔහු වැළකුනේ නැත. ඒ මතම රැදී සිටියහ. තය්සීරුල් අල්ලාම් (පිටුව 381), තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/509,510), තඃසීසුල් අහ්කාම් (වෙළුම 3/346)

التصنيفات

යහපත අණ කර අයහපත වළක්වාලීමේ ආචාරධර්ම