ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ.

ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ. හේතුව සැබැවින්ම එතුමාණන් ෂඃබාන් මාසය මුළුල්ලේම උපවාසයේ නිරත වන්නෙකු වූ බැවිණි.” තවත් වාර්තාවක එතුමාණෝ ස්වල්පයක් හැර ෂඃබාන් මාසයේ උපවාසයේ නිරත වන්නෙකු වූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ. හේතුව සැබැවින්ම එතුමාණන් ෂඃබාන් මාසය මුළුල්ලේම උපවාසයේ නිරත වන්නෙකු වූ බැවිණි.” තවත් වාර්තාවක එතුමාණෝ ස්වල්පයක් හැර ෂඃබාන් මාසයේ උපවාසයේ නිරත වන්නෙකු වූහ. යැයි සඳහන්ව ඇත. දෙවැනි ප්රකාශය පළමු වැන්න සඳහා වූ විග්රහයකි. සැබැවින් ‘මුළුල්ලේම’ යන ප්රකාශය පැහැදිලි කරන්නකි. එනම් බොහෝ දින ගණනක් යන්නයි. එතුමාණන් එම මාසය මුළුල්ලේම උපවාසයේ නිරත වූ බවත් වෙනත් වසරවලදී එම මාසයෙහි දින කිහිපයක පමණක් උපවාසයේ නිරත වූ බවත් කියැවේ. තවත් අවස්ථාවක: විටෙක එතුමා එම මාසය ආරම්භයේ උපවාසයේ නිතර වූ බවත් තවත් විටෙක එහි අවසානයේ උපවාසයේ නිරත වූ බවත් තවත් විටෙක ඒ දෙක අතර කාලයේ උපවාසයේ නිරත වූ බවත් කියැවේ. එතුමා උපවාසයෙන් තොරව එම මාසයෙන් මිදී සිටියේ නැත. වසර ගණනාවක් තිස්සේම එසේම විය. එබැවින් වෙනත් මාසවලට වඩා ෂඃබාන් මාසයේ උපවාසය අධිකව ඉටු කිරීම මිනිසාට අවැසි වන්නේය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එසේ උපවාසයේ නිරතව ඇත. මෙහි ප්රඥාව වනුයේ රමළාන් මාසය ඉදිරියෙන් පිහිටන බැවිණි. එය අනිවාර්යය සලාතයන් අතර පවතින අතිරේක සලාතයන් හා සමානය. තවත් තැනක හදීස් පෙන්වා දෙන පරිදි ෂඃබාන් මාසයේ අධිකව උපවාසයේ නිරත වීම විශේෂගත කර ඇත්තේ ගැත්තන්ගේ ක්රියාවන් එහිදී ඉහළට එසවෙන බැවිණි.

التصنيفات

ස්වෙච්ඡාවෙන් රකින අතිරේක උපවාසය