කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින්…

කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින් මුදවාලන තෙක් අල්ලාහ් ඔහුව නිදහස් කරන්නේය.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින් මුදවාලන තෙක් අල්ලාහ් ඔහුව නිදහස් කරන්නේය.“

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

මෙම හදීසයේ මුස්ලිම් වහලුන් නිදහස් කිරීමේ මහිමය පැහැදිලි කර ඇත. කවරෙකු වහලෙකු නිදහස් කරන්නේද තමන් මුළු ශරීරයම නිරයෙන් මුදවාගත්තාක් මෙනි. වහලුන් නිදහස් කිරීමේදී මිනිසුන්ට ගැතිකම් කිරීම යන පහත් තත්ත්වයෙන් මිදී මුස්ලිම්වරුන්ගේ ගෞරවය තහවුරු කරනු ඇත.

التصنيفات

වහල්බවින් නිදහස් කිරීම