إعدادات العرض
මූත්රා කිරීමෙන් පසු නුඹලා පිරිසිදු කර ගන්න. සැබැවින්ම මිණීවල තුළ පොදු වූ දඬුවම වනුයේ ඒ ගැනය.
මූත්රා කිරීමෙන් පසු නුඹලා පිරිසිදු කර ගන්න. සැබැවින්ම මිණීවල තුළ පොදු වූ දඬුවම වනුයේ ඒ ගැනය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මූත්රා කිරීමෙන් පසු නුඹලා පිරිසිදු කර ගන්න. සැබැවින්ම මිණීවල තුළ පොදු වූ දඬුවම වනුයේ ඒ ගැනය.”
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqipالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසයේ කබ්ර් හෙවත් මිනීවළ දඬුවමට හේතුවන කරුණු අතරින් එකක් ගැන අපට පැහැදිළි කර සිටියේය. එය වඩාත් පොදු වූවකි. දැනගත යුතු එම කරුණ වනුයේ මූත්රා කිරීමෙන් පසු පිරිසිදු නොකිරීමය.فوائد الحديث
පිරිසිදු වීමටත් මූත්රා කිරීමෙන් පසු එය තම ශරීරයේ හෝ තම ඇඳුමේ හෝ නොවදින පරිදි ඉන් දුරස් වීමටත් උනන්දු කරවීම.
වඩාත් උතුම් වන්නේ, එය සේදීමට යුහුසුළුවීම හා අපිරිසිදුතාව තමන් සමග නොතිබෙන පරිදි එය තැවරුණු පසු එම ස්ථානය පිරිසිදු කිරීමය. එය ඉවත් කිරීම අනිවාර්යය වනුයේ සලාතය ඉටු කරන අවස්ථාවේය.
සැබවින්ම මූත්රා අපිරිසිදු දෑ වේ. එබැවින් එය ශරීරයේ හෝ ඇඳුමේ හෝ තැනක හෝ තැවරුණු විට එය අපිරිසිදු වේ. ඒ සමගම සලාත් ඉටු කිරීම වලංගු නොවන්නේය. ඊට හේතුව සැබවින්ම අපිරිසිදු දැයින් පිරිසිදු වීම සලාතයේ කොන්දේසි අතරින් එකක් වන බැවිණි.
මූත්රා කිරීමෙන් පසු පිරිසිදු නොකිරීම මහා පාපයන්ගෙන් එකක් වන්නේය.
කබ්ර්හි වේදනාව ගැන සනාථ කිරීම. අල් කුර්ආනයේ සුන්නාහ්වේ හා ඒකමතික විද්වත් නීතිවලද එය ස්ථීර ව ඇත.
මතුලොව ප්රතිවිපාක ගැන සනාථ කිරීම. මතුලොව පළමු අදියරය මිනී වළය. මිනී වළ ස්වර්ග උයන්වලින් එක් උයනක් ලෙස හෝ ගිනි ආගාධයන්ගෙන් ගිනි ආගාධයක් ලෙස හෝ පිහිටියි.