නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තබූක් යුද්ධයේ සිට පැමිණි කල්හි ජනයා එතුමාව පිළිගත්තෝය. සනිය්යතුල් වදා නම්…

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තබූක් යුද්ධයේ සිට පැමිණි කල්හි ජනයා එතුමාව පිළිගත්තෝය. සනිය්යතුල් වදා නම් ස්ථානයේ සිට ළමුන් සමග මමද එතුමාව පිළිගත්තෙමි.

අස් සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “තබූක් සටනින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණි කල්හි ජනයා එතුමාණන් පිළිගත්හ. එවිට මම ද ළමුන් සමග සනිය්යතුල් වදා නම් ස්ථානයේ එතුමාණන්ව පිළිගත්තෙමි.“ ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කළ හදීසයේ, “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව අප පිළිගන්නට සනිය්යතුල් වදා නමැති ස්ථානයට ළමුන් සමග ගියෙමු.“

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]

الشرح

හදීසයේ තේරුම: අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තබූක් යුද්ධයෙන් නැවත හැරී පැමිණෙන අවස්ථාවේ යුද්ධයට සහභාගී නොවීමට හේතු කාරණා තිබූ අය හා වෙනත් අය සනීය්යතුල් වදා නම් ස්ථානයට පැමිණියෝය. එය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නැවත පැමිණෙන විට එතුමාව පිළිගැනීම සඳහාය. අස්සාඉබ් ඉබ්නු යසීද් තුමාද මදීනාවේ සිටි ළමුන් සමඟ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පිළිගැනීමට පිටත්ව ගියේය.

التصنيفات

නික්මයාම