إعدادات العرض
“මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය
“මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් උක්බා ඉබ්නු අම්ර් අල්-අන්සාරී අල්-බද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu Yaoالشرح
පෙර සිටි නබිවරුන්ගේ උපදෙස් අතරින් වූ මිනිසුන් අතර පැතිරී යන ඔවුන්ගෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පාන මෙම ප්‍රජාවේ ආරම්භ කාලය දක්වාම දිගුවක් ලෙස පැවත එන කරුණක් නම්, ඔබ සිදු කරන්නට කැමති දෑ ගැන අවධානයට ගන්න. ඒ අතරින් ලැජ්ජාවට පත් නොවන දෑ වී නම් ඔබ එය සිදු කරන්න. ලැජ්ජාවට පත්වන දෙයක් වී නම් එය අත්හැර දමනන්න. අශීලාචාර ක්‍රියාවන්ගෙන් වළක්වාලනුයේ ලැජ්ජාවය. කවරෙකුට ලැජ්ජාවක් නොමැත්තේ ද අශීලාචාර පිළිකුල් සහගත සෑම ක්‍රියාවකම ඔහු නිරත වෙත්වා!فوائد الحديث
ලැජ්ජාව සාරධර්මවල පදනම වේ.
ලැජ්ජාව යනු නබිවරුන්ගේ ගුණාංගයකි. එය ඔවුන්ගෙන් උරුම වූවකි.
යහපත් අලංකාර දෑ සිදු කිරීමටත්, කිලිටි අශීලාචාර දෑ අත්හැරීමටත් මුස්ලිම් පුද්ගලයකුව යොමු කරනුයේ ලැජ්ජාව ය.
නවවි තුමා මෙසේ පවසයි: මෙහි දක්නට ඇති නියෝගය, අවසර සහිත නියෝගයකි. එනම්: ඔබ යමක් කරන්නට අපේක්ෂා කළ විට, එය කළේ නම් ඔබ අල්ලාහ් ගැන හෝ මිනිසුන් ගැන හෝ ලැජ්ජා නොවන්නේ නම්, එය ඔබ සිදු කරන්න. එසේ නැතිනම් එය නො කරන්න. ඉස්ලාමයේ පදනම එයයි. එය පෙන්වා දෙනුයේ, නියෝග කරනු ලැබූ අනිවාර්යය දෑ හා නිර්දේශ කරනු ලැබූ දෑ නොසළකා හැරීම ගැන ලැජ්ජාවීම හා වළක්වනු ලැබූ තහනම හා පිළිකුල් සහගත දෑ සිදු කිරීමට ලැජ්ජා වීම ය. අනුමත දෑ වනාහි, එය සිදු කිරීමට අනුමැතිය ඇති සේම අත්හැරීමට ද අවසරය ඇත. මෙම හදීසයේ මෙම නීති පහම ඇතුළත්ව ඇත. එමෙන්ම එය අවවාදාත්මක නියෝගයක් බවද සඳහන් වී ඇත. ඉන් අදහස් කරනුයේ ඔබට ලැජ්ජාවක් නොමැතිනම් ඔබ කැමති දෑ කරන්න. සැබැවින්ම අල්ලාහ් ඔබට අවසර දී ඇත යන්නය තවත් ප්‍රකාශයක් අනුව එය දැනුම් දීමේ අර්ථය සමග වූ නියෝගයකි. එනම්, ලැජ්ජාවක් නැති තැනැත්තා ඔහු කැමතිනම් එය සිදු කරනු ඇත යන්නය.
