සැබැවින්ම අල්ලාහ් කුසල් හා අකුසල් සටහන් කර ඇත." පසුව ඒවා පැහැදිළි කළහ

සැබැවින්ම අල්ලාහ් කුසල් හා අකුසල් සටහන් කර ඇත." පසුව ඒවා පැහැදිළි කළහ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම උත්තරීතර පරමාධිපතියාණන් පිළිබඳ දන්වා සිටිය දී මෙසේ ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ් කුසල් හා අකුසල් සටහන් කර ඇත." පසුව ඒවා පැහැදිළි කළහ. කවරෙකු යම් කුසලක් කිරීමට සිතා එය නොකළේ නම්, අල්ලාහ් තමන් අබියස පූර්ණ කුසලක් සටහන් කරනු ඇත. එය සිතා සිදු කළේ නම්, අල්ලාහ් තමන් අබියස කුසල් දහයේ සිට හත්සිය දක්වා ගුණ කරමින් එය ද තවත් වැඩියෙන් ගුණ කරමින් සටහන් කරනු ඇත. ඔහු යම් අකුසලයක් සිතා එය සිදු නොකළේ නම්, අල්ලාහ් තමන් අබියස පූර්ණ කුසලක් සටහන් කරනු ඇත. ඔහු එය සිතා සිදු කළේ නම්, අල්ලාහ් එක් අකුසලයක් පමණක් සටහන් කරනු ඇත."

[صحيح] [رواه البخاري ومسلم في صحيحيهما بهذه الحروف]

الشرح

යහපත් දෑ හා අයහපත් දෑ අල්ලාහ් නියම කර ඇති බවත් අනතුරුව එය ලියනුයේ කෙසේදැ?යි ඔහු මලක්වරු දෙදෙනාට පැහැදිලි කළ බවත් දූතයාණෝ පැහැදිළි කර සිටියහ. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, අදිෂ්ඨාන කොට, පසුව එය සිදු නොකළ ඔහුට කුසලක් ලියනු ලැබේ. ඔහු එය ඉටු කළේ නම්, කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කරනු ලැබේ. අධික කුසල් පිහිටනුයේ සිත තුළ පවතින අවංකභාවය හා ප්‍රතිඵල වැඩියෙන් බලාපොරොත්තු වීම යනාදිය තුළිනි. එමෙන්ම කවරෙකු හෝ යම් නපුරක් සිතා එය අදිෂ්ඨාන කර පසුව එය අල්ලාහ් වෙනුවෙන් අත්හැර දැමුවේ නම්, ඔහුට කුසලක් ලියනු ලැබේ. අදාළ කරුණ සිදු කිරීමෙන් තොරව එහි නිරතවෙමින් හිඳ, පසුව අත්හැරියේ නම්, ඔහුට කිසිවක් ලියනු ලැබේ. ඔහු එයට නොහැකියාව හේතුවෙන් එය අත් හැරියේ නම් ඔහුගේ චේතනාව ලියනු ලැබේ. ඔහු එය සිදු කළේ නම්, එක් පාපයක් පමණක් ලියනු ලැබේ.

فوائد الحديث

යහපත ගුණ කිරීම, ඔහු අබියස ඒවා ලියනු ලැබීම, පාපය ගුණ නොකිරීම යනාදියෙහි අල්ලාහ් මෙම සමූහයාට පිරිනමා ඇති භාග්‍යය පැහැදිලි කිරීම.

ක්‍රියාවන්හි චේතනාවේ වැදගත් කම හා එහි බලපෑම.

යමෙක් යහපතක් සිතා එය සිදු නොකළ ද අල්ලාහ් ඒ සඳහා ඔහුට කුසලක් සටහන් කිරීමෙන් ඔහුට පිරිනැමෙන අල්ලාහ්ගේ ත්‍යාගශීලිත්වය, කරුණාව හා ආශිර්වාදය.