إعدادات العرض
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ…
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇත්තෙමි. තවද මාගේ ගැත්තෙකු මා ඔහුට නියම කර ඇති ආගමික යුතුකම් වලට වඩා මට ආදරය කරන කිසිවක් සමඟ මා වෙත ළං නොවේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇත්තෙමි. තවද මාගේ ගැත්තෙකු මා ඔහුට නියම කර ඇති ආගමික යුතුකම් වලට වඩා මට ආදරය කරන කිසිවක් සමඟ මා වෙත ළං නොවේ. තවද මාගේ ගැත්තා මම ඔහුට ආදරය කරන තුරු නෆිල් (අමතර) ක්‍රියාවන් සමඟ මා වෙත ළං වෙමින් ම සිටී. මම ඔහුට ප්‍රේම කරන විට, මම ඔහු අසන ඔහුගේ ශ්‍රවණය, ඔහු දකින ඔහුගේ දෘෂ්ටිය, ඔහු අල්ලන ඔහුගේ අත සහ ඔහු ඇවිදින ඔහුගේ පාදය වෙමි. ඔහු මගෙන් (යමක්) ඉල්ලුවොත්, මම එය නිසැකවම ඔහුට දෙන්නෙමි; ඔහු මාගෙන් රැකවරණය පැතුවොත්, මම නිසැකවම ඔහුට රැකවරණය ලබා දෙන්නෙමි."
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
'හදීස් අල් කුද්සි' හෙවත් දිව්‍ය කියමන් සහිත නබි වදනක සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු මෙසේ පැවසීය. කවරෙකු මාගේ සමීපතයින් අතරින් සමීප අයෙකුට සතුරුකම් කරන්නේ ද, ඔහු සමග කෝප වී ක්‍රෝධ වන්නේ ද මම ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තෙමි. මම ඔහුට ඒ ගැන දැනුම් දී ඇත්තෙමි. සමීපතයා යනු: දේවත්වය විශ්වාස කරන භක්තිමත් අයයි. ගැත්තකු සතු දේව විශ්වාසයේ හා භක්තියේ ප්‍රමාණයට අනුව අල්ලාහ්ගේ සමීපත්වයේ ඔහුගේ කොටස පිහිටනු ඇත. අවනත වී ක්‍රියා කරන මෙන් හා තහනම් කරන ලද දෑ මග හරින මෙන් අල්ලාහ් නියම කළ හා අනිවාර්ය කළ දෑට වඩා ඔහු වෙත සමීප වීමට ප්‍රිය මනාප වෙනත් කිසිවක් නැත. මුස්ලිම්වරයා අල්ලාහ්ගේ ආදරය හිමි කර ගන්නා තෙක් නියම කරන ලද දෑ සමග අතිරේක ක්‍රියාවන් ද සිදු කරමින් තම පරමාධිපති වෙත සමීප වෙමින් සිටියි. එසේ අල්ලාහ් ඔහුට ප්‍රිය කළ විට අවයව හතරක මඟ පෙන්වා ඔහුට උපකාර කරයි. ඔහුගේ ශ්‍රවණය තුළින් ඔහුට උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් ප්‍රිය කරන දෑ හැර වෙනත් කිසිවකට ඔහු සවන් දෙන්නේ නැත. ඔහු දකින ඔහුගේ බැල්ම තුළින් උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් බලන්නට ප්‍රිය කරන, තෘප්තියට පත්වන දෑ වෙත හැර වෙනත් කිසිවක් දෙස ඔහු බලන්නේ නැත. ඔහුගේ අතෙහි ඔහුට උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් සතුටු වන දෑ මිස වෙනත් කිසිවක් ඔහුගේ අතින් සිදු කරන්නේ නැත. තවද ඔහු ගමන් කරන ඔහුගේ පාදය තුළින් ද උපකාර කරයි. ඒ අනුව, අල්ලාහ් සතුටු වන දෑ වෙත මිස වෙනත් දෙයක් දෙසට ගමන් කරන්නේ නැත. යහපත ඇති දෑ වෙත මිස වෙනත් කිසිවක් වෙත පය තියන්නේ නැත. ඒ සමගම ඔහු අල්ලහ්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම අල්ලාහ් එය ඔහුට පිරිනමනු ඇත. ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරක් බවට පත්වනු ඇත. අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමු වූයේ නම් සැබැවින්ම ශුද්ධ වූ අල්ලාහ් ඔහුට රැකවරණය දෙනු ඇත. ඔහු බියවන දැයින් ඔහුව මුදවාලනු ඇත.فوائد الحديث
මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..අල් ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් අල් කුර්ආනයේ ලක්ෂණ මෙන් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි විශේෂත්වයක් එහි නැත.
අල්ලාහ්ගේ හිත මිතුරන්ට හිංසා කිරීමෙන් වැළැක්වීම, ඔවුනට ආදරය කිරීමට උනන්දු කරවීම හා ඔහුගේ මහිමය පිළිගැනිම.
අල්ලාහ්ගේ සතුරන් සමග සතුරු වීමට නියෝග කිරීම හා ඔවුන් හිතමිතුරන් ලෙස ගැනීම තහනම් කිරීම.
ෂරීආ පිළිවෙත අනුගමනය කිරීමෙන් තොරව තමන් අල්ලාහ්ගේ හිතවතුන් බව වාද කරන්නා මුසාවාදියෙකි.
නියම කරන ලද ක්‍රියාවන් ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද ක්‍රියාවන් අත්හැරීමෙන් අල්ලාහ්ගේ හිතවත්භාවය හිමි කර ගනු ඇත.
නියම කරන ලද දෑ ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීමෙන් පසුව ගැත්තාට අල්ලාහ් ආදරය කරන ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙන හේතු සාධක අතරින් අතිරේක ක්‍රියාවන්හි නිරත වීමද එකකි.
'අව්ලියා' හෙවත් දේව හිතමිතුරන්ගේ මහිමය හා ඔවුන්ගේ නිලයේ උසස්භාවය පෙන්වා දෙයි.
