ඇයගේ දරුවාට දැක් වූ ආදරයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.

ඇයගේ දරුවාට දැක් වූ ආදරයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.

උමර් ඉබ්නු අල් කත්තාබ්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සිරකරුවන් වෙත පැමිණියේය. එවිට සිරකරුවන් අතර සිටි කාන්තාවක් විපරම් කරමින් සිටියාය. සිරකරුවන් අතර සිටින දරුවකු ඇය දුටු වහාම ඇය ඔහු රැගෙන ඇයගේ කුසට තුරුල් කරමින් ඔහුට කිරි පොවන්නීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. “මෙම කාන්තාව තම දරුවා නිරා ගින්නට විසිකරනු ඇතැයි ඔබ සිතන්නෙහුද?“ නැතැයි අපි පිළිතුරු දුනිමු. එවිට එතුමා, “ඇයගේ දරුවාට දැක් වූ මෙයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.“ යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

අල්ලාහ්ගේ දූතයාණන් වෙත සිරකරුවන් ගෙන එන ලදී. එවිට කාන්තාවක් විපරම් කරමින් සිටියාය. ඇය සිරකරුවන් අතර දරුවකු දුටු වහාම ඔහු රැගෙන ආදරයෙන් ඇයගේ කුසට තුරුල් කොට කිරි පෙව්වාය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මවකට ඇති සෙනෙහසට වඩා අල්ලාහ්ගේ සෙනෙහස ඉමහත් යැයි තම සගයින්ට ඉගැන්වූහ.

التصنيفات

නාම හා ගුණාංග ඒකීයකරණය