إعدادات العرض
සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ…
සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ අයුරින්ම මෙයට ද සිදු කරන්න
රාෆිඃ ඉබ්නු කදීජ් (රළිය්ලලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෙමු. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ සතුරන් විසින් දමා ගිය) ඔටුවන් හා එළුවන් ඔවුහු හසුකර ගත්තෝය. එතුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිසේ අවසානයේ සිටියහ. ඔවුහු ඉක්මන් වී සතුන් කපා, පිසීමට භාජන පිළියෙල කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවා (හි තිබූ දෑ හලා) උඩු යටිකුරු කරන ලදී. අනතුරුව එතුමාණෝ බෙදා හරින්නට ගත්හ. එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළේය. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඔවුහු ඌ සොයා ගියෝය. එය ඔවුන් වෙහෙසට පත් කළේය. එම පිරිස අතර අශ්වයන් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ අයුරින්ම මෙයට ද සිදු කරන්න." තවදුරටත් රාෆි තුමා මෙසේ පැවසීය: සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. අපි බිය වන්නෙමු. අප සතුව පිහි නැත. අපි බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය. එතුමා: "ලේ වැගිරී යන්නට සළස්වා, ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන්ගේ ආයුධයකි."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Français ئۇيغۇرچە Hausa Português മലയാളം Kurdî Русский Tiếng Việt Nederlands Kiswahili অসমীয়া ગુજરાતી Magyar ქართული Românăالشرح
රාෆිඃ ඉබ්නු කදීජ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියහ. "සැබැවින් (සහගාමීන් වන) ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෝය. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ දමා ගිය) මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ගේ ඔටුවන් හා එළුවන් ඔවුහු අත්පත් කරගත් අතර ඒවා බෙදා හැරීමට පෙර ඔවුන් ඉක්මන් වී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අවසර පැතීමට මත්තෙන් උන් කපා භාජනවලට දමා පිසීමට පිළියෙල කළෝය. ඒ වන විට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනිසුන් අතර අවසානයේ ගමන් කරමින් සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවායෙහි ඇති ව්‍යාංජන පෙරළා දමා, පසුව ඔවුන් අතර ඝනීමත් හෙවත් යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ බෙදා හැරියහ. එවිට එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළහ. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඌ අල්ලා ගැනීමට හෝ හසුකර ගැනීමට හෝ ඔවුුනට අපොහොසත් විය. ඒ අතර අශ්වයින් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ: සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ සහජ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. එබැවින් මුන් අතරින් කිසිවක් හෝ ඔබ ව අබිබවා ගිය විටෙක, මූ හසුකර ගන්නට ඔබ අපොහොසත් වූ විටෙක උන් සමග කටයුතු කළ අයුරින්ම මුන් සමග ද කටයුතු කරන්න. තවදුරට රාෆි තුමා මෙසේ පැවසීය: "සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. සතුන් කපා හැරීමේ අවශ්‍යතාව තිබුණ ද ඒ සඳහා අපි අපගේ ආයුධ යොදා ගත්තේ නම් ඒවායෙහි මුවහතට හානියක් සිදු වෙතැයි අපි බිය වන්නෙමු. එමෙන්ම අප සතුව පිහි නැත. අපි වියළී ගිය හිස් බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය." සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ: "ලේ වැගිරී යන්නටත් ගලා යන්නටත් සළස්වා, අධික ලෙස එය හැළී ගොස් ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. නමුත් දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන් භාවිතා කරන ආයුධයකි."فوائد الحديث
සේනාවේ පසුපසට වී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගමන් කිරීමෙන් තම සගයන් ගැන නිරීක්ෂණය කිරීමෙන්, ඔවුන් ගැන සොයා බැලීමෙන් හා එතුමාණන්ගේ මිතුරු සහාබාවරුන්ගේ උපදෙස් පිළිගැනීමෙන් එතුමාණන්ගේ නිහතමානීකම නිරූපණය වීම.
නායකයකු තම යටත් වැසියන් හා තම සොල්දාදුවන් හට විනය කියා දීම. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුනට අවසර දීමට පෙර ඔවුන් ඉක්මන් වීම හා කටයුතු කිරීම ගැන විනය එතුමාණෝ ඔවුනට කියා දුන්හ. ඔවුනට සතු වූ ප්‍රතිවිපාකය වූයේ ඔවුන් සිතූ දෑ ඔවුනට තහනම් වී යාමය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝගවලට සහාබාවරු ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම.
ඝනීමත් හෙවත් යුද පිටියේ අත්පත්කර ගත් භාණ්ඩ බෙදා හරින තෙක් ඒවා ගැනීමෙන් වැළකී සිටීම.
යුක්තිය ඉටු කිරීම, විශේෂයෙන්ම සතුරන් හා දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරීන් සමග අරගල කරන දේශයේ එය පිළිපැදිය යුතු වේ. මක්නිසාදයත් එය සතුරන් පරාජය කර ජය ලබන්නට හේතුවක් වන බැවිනි.
නවවි තුමා මෙසේ පවසයි: "ඔටුවෙක්, ගවයෙක්, අශ්වයෙක් හෝ එළුවෙක් මෘග ගතිය පෙන්වූ විට දඬයම් කරන සතෙක් මෙන් උන් වෙත හී සැර විදීමට අනුමැතිය ඇත."
සතෙකු ආහාරය සඳහා අනුමත වීමට නම්, එය නියම අයුරින් කපා හැරිය යුතුය. එහිදී සතෙකුට කොන්දේසි කිහිපයක් පැනවේ. 1- අනුභව කිරීමට අනුමත සතෙකු විය යුතුයි. 2- ඒ මත බලය දැරිය හැක්කක් විය යුතුය. එසේ බලය දැරිය නොහැක්කක් වී නම් එහි නීතිය. දඬයම් සතුන්ගේ නීතිය හා සමාන වේ. 3- එය ගොඩබිම සතෙකු විය යුතුය. මුහුදු ජීවියෙකු නම් එහි කපා හැරීමේ කොන්දේසිය අදාළ වන්නේ නැත.
කපා හැරීමට වලංගු කොන්දේසි: 1- සතා කපා හරින්නා සිහි බුද්ධිය ඇති වැඩිවියට පත් මුස්ලිම්වරයකු හෝ ආගම් ලත් ජනයා අතරින් කෙනෙකු හෝ විය යුතුය. 2- කපන අවස්ථාවේ එහි ආරම්භයේ දීම අල්ලාහ්ගේ නාමය සිහිපත් කළ යුතුයි. 3- දත් හා නියපොතු හැර වෙනක් කවර තියුනු ආයුධයක් වුව ද කැපීම සඳහා යොදා ගත හැකිය. 4- අන්නස්‍රෝතය ශ්වාසනාලය, කණ්ධරීක ශිරා දෙක කපා දැමිය යුතුයි .
التصنيفات
සත්වයාගේ ගෙල කපා කැප කිරීම