إعدادات العرض
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා…
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර් තා කරන ලදී. "මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية Português دری Македонски Magyar Tiếng Việt ქართული বাংলা Kurdî ไทย অসমীয়া Nederlands Indonesia ਪੰਜਾਬੀ Kiswahili Hausa ភាសាខ្មែរ English ગુજરાતી Tagalog Русский മലയാളം मराठी Српскиالشرح
මුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය පිළිබඳ දැනුම් දීමේ දී, ඔවුන් මදීනාවට ආ දා පටන් එතුමාණන් මරණයට පත්වන තෙක්ම අඛණ්ඩ ව දින තුනක් එක දිගට තිරිඟු, ආහාරයට ගෙන නැති බව පවසා සිටියාය.فوائد الحديث
මෙම ප්‍රකාශය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාණන්ගේ පවුලේ උදවිය, ඔවුන්ගේ ජීවනෝපායේ පැවති අගහිඟකම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකි. මක්නිසාදයත් සැබෑ ජීවිතය පරලොව ජීවිතයයි.
ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: ඔවුන්ගේ කුසගින්නට හේතුව ඔවුන් සතුව තිබූ වස්තුවේ හිඟකමයි. ඔවුන්ට යමක් සොයාගත හැකි වුව ද ඔවුන් තමන්ට වඩා අන් අයට ප්‍රමුඛත්වය ලබා දුන්හ.
