إعدادات العرض
1- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එමෙන්ම එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණන්ට දකුණත ප්‍රිය මනාප විය.
2- ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන්පසු රකආත් දෙකක් ද ජුමුආ සලාතයට පසු රකආත් දෙකක් ද මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක් ද ඉෂා සලාතයට පසු රකආත් දෙකක් ද අල්ලාහ්ගේ දූතයාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි.
3- අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්‍රියෙන් අවදි වූ විට මිස්වාක් දැහැටියෙන් තම මුඛය මදින්නෙකු වූහ.
4- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය මේ ප්‍රමාණයට විවෘත වී ඇත. එතුමා තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වීය. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අප අතර දැහැමියන් සිටියදී අප විනාශ කරනු ලබන්නෙමු ද? යැයි විමසුවෙමි. එතුමා: ‘ඔව්, නපුර අධික වූ විට’ යැයි පැවසූහ.
5- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එබැවින් ඉෂා සලාතය ප්‍රමාද වී ඉටු කළහ. රකආත් දෙකින් එකක ‘වත්තීනි වස්සෙයිතූන්’ යන සූරාව පාරායනය කළහ. ඔහුට වඩා පාරායනයෙන් හා කට හඬින් අලංකාර කිසිවකුට මා සවන් දී නැත.
6- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.
7- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ.
8- අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු.
9- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්‍රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.
10- අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්‍රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.
11- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනී වළක් මත එය වළ දමනු ලැබූ පසු සලාත් ඉටු කරමින් ඒ මත තක්බීර් හතරක් පවසන්නෙකු වූහ.
12- ජුමුආ දින ෆජ්ර් සලාතයේදී අලිෆ්, ලාම්, මීම් තන්සීල් නම් සජදා පරිච්ඡේදයත් හල් අතා අලල් ඉන්සාන් නම් පරිච්ඡේදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කරන්නෙකු වූහ.
13- මෙලෙස ප්‍රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? එනමුදු මම සලාත් කරමි. නිදමි. උපවාසය රකිමි. උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය.
14- අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දකුණත පිරිසිදු දෑ හා ආහාර අනුභව සඳහා විය. වමත එතුමා වැසිකිලි කැසිකිලි අවශ්‍යතා සඳහා හා ඒ හැර වෙනත් අපිරිසිදු දෑ සඳහා විය.
15- අල්ලාහ්ගේ දූතයාණන් වැසිකිළියට පිවිසුණහ. එවිට මම ද මා මෙන් වූ දරුවකු ද කුඩා ජල බඳුනක් ද හමින් නිම කරන ලද කුඩා ජල උරයක් ද උසුලාගෙන සිටියෙමි. පසුව එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ.
16- හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්‍රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය
17- ඉඳි කෝටුවක් විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ මත වූහ. -එනම් කුත්බා දේශනයේදීය- මින්බර් මත එතුමා තබන කල්හි, ගැබ්බරවූ ඔටු දෙනකුගේ හඬට සමාන ඉඳි කෝටුවේ හඬට අපි සවන් දුනිමු. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පහළට බැස ඒ මත එතුමා තම අත තැබූහ. එවිට එය සන්සුන් විය.
18- මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සලාත් ඉටු කරන්නෙකු වීමි. එතුමාගේ සලාතය මධ්‍යස්ථ විය. එමෙන්ම එතුමාගේ දේශනාව ද මධ්‍යස්ථ විය.