إعدادات العرض
“අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ්…
“අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ. එමෙන්ම එතුමා ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියදී එතුමා එතුමාගේ හිස මා වෙත හෙළි කරයි. මම ඔසප් තත්ත්වයේ සිටිය දී එය සෝදා හැරියෙමි.”
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Português Kurdî Kiswahili Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം Lietuvių Српски ไทย Kinyarwanda Shqip ಕನ್ನಡ Wolof Українська Moore ქართული Magyar தமிழ் Македонски Azərbaycanالشرح
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් සමග වූ විශේෂිත අවස්ථාවන් ගැන තොරතුරු දන්වා සිටියාය. ඒ අතරින් ඇය ජනාබත් තත්ත්වයේ සිටිය දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග එකම බඳුනක එකට ස්නානය කර සිටීම ද එකකි. ඇය ඔසප් තත්ත්වයේ සිටිය දී එතුමාණන් ඇය සමග පහස විඳින්නට අපේක්ෂා කළ විට ඇගේ ඉණ සිට දණහිස් දක්වා වූ ශරීර කොටස ආවරණය කර ගන්නා මෙන් නියෝග කළහ. පසුව සංසර්ගයේ නිරත වීමෙන් තොරව ඇය සමග පහස වින්දහ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියදී තම හිස ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වෙත දිගු කරයි. එවිට ඇය නිවසේ ඔසප් තත්ත්වයේ පසුවූවාය.فوائد الحديث
ස්වාමි පුරුෂයා තම බිරිය සමඟ එකම බඳුණක ස්නානය කිරීමේ අවසරය.
ඔසප් තත්ත්වයේ පසුවන තම බිරිය සමඟ සංසර්ගයේ නියැළීමෙන් තොරව පහස විඳීමේ අවසරය. සැබැවින්ම ඇගේ ශරීරය පිරිසිදු ය.
පහස විඳින අවස්ථාවේ යට ඇඳුමක් ඇඳ සිටීම සතුටුදායකය.
තහනම් කරුණක වැටීමෙන් වළක්වා ගන්නා හේතු සාධක පිළිපැදීම.
ඔසප් කාන්තාව මස්ජිදයේ රැඳී සිටීමෙන් වැළකී සිටීම.
තෙත් හෝ වියළි දෑ ඔසප් කාන්තාව ස්පර්ශ කිරීමේ අනුමැතිය. හිසකෙස් සේදීම හා හිස පීරීම ද ඉන් එකකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පවුල සමඟ ගත කළ යහපත් පවුල් ජීවිතය.