إعدادات العرض
1- ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන්පසු රකආත් දෙකක් ද ජුමුආ සලාතයට පසු රකආත් දෙකක් ද මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක් ද ඉෂා සලාතයට පසු රකආත් දෙකක් ද අල්ලාහ්ගේ දූතයාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි.
2- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය මේ ප්රමාණයට විවෘත වී ඇත. එතුමා තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වීය. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අප අතර දැහැමියන් සිටියදී අප විනාශ කරනු ලබන්නෙමු ද? යැයි විමසුවෙමි. එතුමා: ‘ඔව්, නපුර අධික වූ විට’ යැයි පැවසූහ.
3- අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු.