إعدادات العرض
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි. ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන්පසු රකආත් දෙකක් ද; මග්රිබ් සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක් ද; ඉෂා සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක් ද සුබ්හු සලාතයට පෙර රකආත් දෙකක් ද යනාදියෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත නොපිවිසෙන හෝතරාවක් ද එහි විය. හෆ්සා තුමිය මට මෙසේ පවසා සිටියාය: එතුමාණන් මුඅද්දින් අදාන් පවසා අලුයම උදා වූ විට රකආත් දෙකක් ඉටු කරයි. තවත් වාර්තාවක. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආවෙන් පසුව රකආත් දෙකක් ඉටු කරන්නෙකු වූහ."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Português Kurdî Kiswahili Svenska Čeština ગુજરાતી Yorùbá Tiếng Việt پښتو অসমীয়া دری Кыргызча or नेपाली Kinyarwanda Română తెలుగు Lietuvių Oromoo മലയാളം Nederlands Soomaali Shqip Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore ქართული Azərbaycan Magyar mr தமிழ் Македонски မြန်မာ አማርኛ Malagasyالشرح
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැහැදිළි කර සිටියේය. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් දැන හැදෑරූ රකආත් දහයක් ඇත. ඒවා "අස්-සුනන් අර්-රවාතිබ්" (නිරතුරුව ඉටු කරන අතිරේක සලාත්) යැයි කියනු ලැබේ. ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් හා ඉන් පසු රකආත් දෙකක්, මග්රිබ් සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක්, ඉෂා සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක්, ෆජ්ර් සලාතයට පෙර රකආත් දෙකක්, සම්පූර්ණ වශයෙන් රකආත් දහයකි. ජුමුආ සලාතය වනාහි, ඉන් පසු රකආත් දෙකක් ඉටු කරනු ලැබේ.فوائد الحديث
නිරතුරුව ඉටු කරනු ලබන මෙම රවාතිබ් සලාතයන් ඉටු කිරීමත්, එහි අඛණ්ඩව නිරත වීමත් සතුටු දායකය.
නිවසේ සුන්නා සලාතයන් ඉටු කිරීම ආගමානුගත කරනු ලැබූවකි.