නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර…

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.

[صحيح] [متفق عليه]

الشرح

නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අධික ලෙස තම මුඛය පිරිසිදු කර ගන්නා අයකු වූ අතර ඒ ගැන ජනයාට ද ‌නියෝග කර ඇත. ඇතැම් අවස්ථාවන්හි එය වඩාත් වැදගත් වන්නේය. ඒ අතරින් රාත්‍රියේ නින්දෙන් අවදි වූ අවස්ථාවේ මුඛය පිරිසිදු කර ගැනීම ද එවැනි අවස්ථාවකි. එහි දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මිස්වාක් දැහැටියෙන් හොදින් මැද තම මුඛය පිරිසිදු කර ගත්හ.

فوائد الحديث

රාත්‍රී නින්දෙන් පසු කට පිරිසිදු කිරීම වඩාත් වැදගත් ආගමික කටයුත්තකි. ‌ඊට හේතුව සැබැවින්ම නින්ද මුඛයේ ගන්ධයක් ඇති කරනු ඇත. මිස්වාක් (දැහැටිය හෝ බුරුසුව) එය පිරිසිදු කිරීමේ උපකරණයයි.

ඉහත කී අදහස අනුව කටේ දුර්ගන්ධය ඇතිවන සෑම අවස්ථාවකම දත් මැද පිරිසිදු කර ගැනීම වඩාත් වැදගත් ආගමික කරුණකි.

පිරිසිදුකම පොදුවේ ආගමානුකූල කරුණකි. ඇත්තෙන්ම එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සිරිතක් වූ අතරම උදාර ආචාර විධියකි.

මුඛය පිරිසිදු කිරීම යන ප්‍රකාශය තුළ දත්, විදුරුමස් හා දිව මැදීම ද ඇතුළත් වේ.

සිවාක් යනු 'අරාක්' හෝ ‌එවැනි වෙනත් ගසකින් කපා ගන්නා ලද දැහැටියකි. එය මුඛය හා දත් පිරිසිදු කිරීමට යොදා ගනියි. එය මුඛය පිරිසිදු කරන අතරම දුර්ගන්ධය ඉවත් කරයි.

التصنيفات

පෙර සිට පැවත එන පිළිවෙත්, පිරිසිදුකමෙහි නබිතුමාගේ මඟපෙන්වීම (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)