රමළානය පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබ, නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ.

රමළානය පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබ, නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "රමළානය පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබ, නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ."

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "රමළානය පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබ, නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ." මෙම කරුණු තුනම සිදුවනුයේ රමළාන් මාසයේදීය. පළමුවැන්න: ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබීමය. සලාතය ඉටු කිරීම, සදකා ලබා දීම, දික්ර් කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම හා වෙනත් දැහැමි කටයුතු කිරීමේ ආශාවක් ලොවැසියන්ට ඇති කරනු පිණිස එසේ පවසනු ලැබ ඇත. දෙවැන්න: නිරාගින්නේ දොරටු වසා දමනු ලැබේ. එය මුඃමින්වරු එම කාලය තුළ පාපකම් කිරීමේ අඩුවක් පෙන්නුම් කිරීමකි. තුන්වැන්න: ෂෙයිතානුන්ට විලංගු දමනු ලැබේ. එනම් ඔවුන් අතර වූ දැඩි ෂෙයිතානුන්ටය. ඒ පිළිබඳ තවත් වාර්තාවක් සඳහන්ව ඇත. එම වාර්තාව නසාඊ තුමා හා ඉමාම් අහ්මද් දන්වා ඇති අතර ඉමාම් අල්බානී තුමා එයට සාක්ෂි දරන කදිම හදීසයක් බව දන්වා සිටියි. හෙළා දමන ලද දැඩි ෂෙයිතානුන් යනු ආදම්ගේ පුතනුවන්ට වඩාත් සතුරුකම් පාන වඩාත් දරුණු ෂෙයිතානුන්ය. තස්ෆීද් යනු: විලංගු දැමීමය. එනම් කිසිවකු මුදවාගත් නොහැකි අයුරින් මීදීමට නොහැකි තරමට ඔවුන්ගේ අත්වලට විලංගු දමනු ලැබීමය. මේ ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දන්වා සිටි සියල්ලක්ම සමාජයට ලබා දෙන්නා උපදෙසක් වශයෙනි. එමෙන්ම යහපත කිරීමට උනන්දු කරවීමක් හා අයහපතින් වැළකී සිටින්නක් වශයෙනි.

التصنيفات

උපවාසයේ මහිමය