රතු පැහැති සළුවක් ඇඳ සිටින විට අල්ලාහ්ගේ දූතයා තරම් ලස්සන කෙස් කළඹක් ඇති කිසිවෙකු මා කිසිදා දැක නැත

රතු පැහැති සළුවක් ඇඳ සිටින විට අල්ලාහ්ගේ දූතයා තරම් ලස්සන කෙස් කළඹක් ඇති කිසිවෙකු මා කිසිදා දැක නැත

අල් බරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: රතු පැහැති සළුවක් ඇඳ සිටින විට අල්ලාහ්ගේ දූතයා තරම් ලස්සන කෙස් කළඹක් ඇති කිසිවෙකු මා කිසිදා දැක නැත. එතුමාණන්ගේ කොණ්ඩය එතුමාණන්ගේ උරහිස් දෙක දක්වා දිගුවට තිබුණි. එමෙන්ම එතුමාණන්ගේ උරහිස් දෙක පළල් ව තිබූ අතර එතුමාණන් උස හෝ කොට නොවූහ.

[صحيح] [متفق عليه]

الشرح

අල්-බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය. "එතුමාණන්ගේ හිසකෙස් උරහිස් දක්වා දිගින් පිහිටුනු අතර එතුමාණන් කළු පැහැති වේට්ටියක් සහ උඩු සළුවක් පළඳියි. එහි රතු ඉරි දක්නට විය. අල්ලාහ්ගේ දූතයාණන්ට වඩා ලස්සන කෙනෙකු මා කිසිදා දැක නැත. උරහිස් අතර පුළුල් ඉඩක්, පළල් පපුවක් සහ උස හා කොට අතර සාමාන්‍ය උසක් එතුමාණන්ගේ ශාරීරික ලක්ෂණ අතර විය."

فوائد الحديث

හොඳ කෙස් කළඹක්, පළල් පපුවක්, හොඳ උසක් සහ වෙනත් දේ වැනි පෙනුමෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අලංකාර ගුණාංග කිහිපයක් පිළිබඳ විස්තර කිරීමකි.

උතුම් වූ සහාබාවරු (රළියල්ලාහු අන්හුම්) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට දැක් වූ ආදරය. එය ඔවුන් එතුමාණන්ගේ ශාරීරික හා සදාචාරාත්මක ලක්ෂණ සහ ගුණාංග ඔවුන්ට පසුව එන අයට විස්තර කර සම්ප්‍රේෂණය කරන තරමට විය.

التصنيفات

ශාරීරික ගුණාංග, නබිතුමාගේ වස්ත්රය (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)