إعدادات العرض
එසේය, අල්ලාහ්ගේ දූතයාණන් මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක…
එසේය, අල්ලාහ්ගේ දූතයාණන් මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි
ඉබ්රාහීම් අන්-නහඃඊ තුමා හම්මාම් ඉබ්නු අල්-හාරිස් ගෙන් ලබා මෙසේ ප්‍රකාශ කරයි: ජරීර් තුමා මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාගේ හම් සපත්තු දෙක මත මස්හ් කළේය. එවිට ඔබ මෙසේ සිදු කරනුයේ ඇයි දැයි විමසන ලදී. එවිට එතුමා: එසේය, අල්ලාහ්ගේ දූතයාණන් මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි. ඉබ්‍රාහීම් තුමා ප්‍රකාශ කළ බව අල්මෂ් තුමා මෙසේ පවසයි: මෙම හදීසය ඔවුන් මවිතට පත් කළේය. මක්නිසාදයත් ජරීර් තුමා ඉස්ලාමය වැළඳගෙන තිබුණේ සූරා අල්-මාඉදා පහළ වීමෙන් පසු ව වූ බැවිනි.
الترجمة
العربية Português دری Македонски Magyar ქართული Tiếng Việt Kurdî বাংলা ไทย অসমীয়া Indonesia Nederlands ਪੰਜਾਬੀ Kiswahili Hausa ភាសាខ្មែរ English Tagalog ગુજરાતી Русский मराठी മലയാളം ಕನ್ನಡ Српскиالشرح
ජරීර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හු) තුමා මූත්‍රා කර, පසුව වුළූ දෝවනය කළේය. එහි දී එතුමාගේ දෙපා සේදීමකින් තොරව හම් සපත්තු දෙක මත මස්හ් පමණක් සිදු කර ගත්තේය. එවිට ඔහු අවට සිටි අය: ඔබ මෙසේ සිදු කරනුයේ ඇයි? දැයි විමසුවෝය. එවිට එතුමා: "එසේය, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මූත්‍රා කර, පසුව වුළූ දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි." යැයි පැවසුවේය. ජරීර් තුමා ඉස්ලාමය වැළඳගෙන තිබුණේ ප්‍රමාදව සූරා අල්-මාඉදා පහළ වීමෙන් පසු ව වූ බැවිනි. මෙම පාඨයෙන් හම් සපත්තු දෙක මස්හ් කිරීමේ නීතිය වෙනස් කර නැති බව හෙතෙම පෙන්වා දුන්නේය.فوائد الحديث
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාව හෙවත් පිළිවෙත අනුගමනය කිරීමෙහිලා සහාබාවරුන් හා තාබිඊන් කෙරෙහි තිබූ දැඩි කැමැත්ත.
නවවි තුමා මෙසේ පැවසීය: "ඉජ්මා සඳහා සුදුසු යැයි සැලකෙන සියලු දෙනා ගමනේදී හෝ පදිංචි ස්ථානයේදී හෝ අවශ්‍යතාවයක් හෝ ඒ හැර වෙනත් දෙයක් වූවත් හම් සපත්තු මත පිසදැමීමේ අවසරය පිළිබඳව එකඟ වෙති. එබැවින් නිවසේ රැඳී සිටින කාන්තාවකට සහ ඇවිදීමට නොහැකි ආබාධිත පුද්ගලයෙකුට ඒ සඳහා අවසර දෙනු ලැබේ.
ජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා ගුණවත් වූයේ පුළුල් මනසක් ඇති අයෙකු වූ නිසාවෙනි. තම සිසුන් වැරදි වුවත්, ඔවුන් ඔහුට අප්‍රසාදය පළ කර සිටියත් හෙතෙම ඒවා ඉවසා දරා ගත්තේය.
හම් සපත්තු දෙක මත මස්හ් කිරීම, හෙළා දකින, එය වෙනස් කරනු ලැබූවක් බව තර් ක කරන අයට මෙය පිළිතුරකි. මක්නිසාදයත් ජරීර් (රළියල්ලාහු අන්හු) තුමාගේ සිදුවීම සිදු වූයේ, වූළු සම්බන්ධ පාඨය පහළ වීමෙන් පසු ප්‍රමාදවීය.
යමක් ප්‍රතික්ෂේප කරනු ලැබූ සහ එය සත්‍ය යැයි විශ්වාස කරන ඕනෑම අයෙකු එය ප්‍රතික්ෂේප කරන්නා කෙරෙහි කෝප නොවිය යුතු බවත්, ඔහුගේම මතය අනුව ඔහු සමඟ තර් ක කළ යුතු බවත්, ඒ වෙනුවට ඒ සඳහා ඔහුගේ පදනම නියම ආකාරයෙන් ඔහුට පැහැදිලි කළ යුතු බවත් විස්තර කරයි.
අවශ්‍යවූ විටෙක ඉතිහාසයේ සාක්ෂි භාවිතා කිරීම.
