إعدادات العرض
සලාතය සඳහා 'ඉකාමත්' පවසනු ලැබූ විට අනිවාර් ය සලාතය හැර වෙනත් සලාතයක් නැත
සලාතය සඳහා 'ඉකාමත්' පවසනු ලැබූ විට අනිවාර් ය සලාතය හැර වෙනත් සලාතයක් නැත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "සලාතය සඳහා 'ඉකාමත්' පවසනු ලැබූ විට අනිවාර් ය සලාතය හැර වෙනත් සලාතයක් නැත."
الترجمة
العربية Português دری Македонски Magyar Tiếng Việt ქართული বাংলা Kurdî ไทย অসমীয়া Nederlands ਪੰਜਾਬੀ Indonesia Kiswahili Hausa ភាសាខ្មែរ English ગુજરાતી Tagalog Русский मराठी മലയാളം Српскиالشرح
යමෙකු මස්ජිදය තුළ සිටිය දී අනිවාර් ය සලාතය සඳහා ඉකාමත් පැවසූ පසු සුන්නත් සලාතයක් ආරම්භ කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.فوائد الحديث
මස්ජිදය තුළ සිටිය දී අනිවාර් ය සලාතය සඳහා ඉකාමත් පවසනු ලැබූ විට අතිරේක සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටීම.
සලාතය සඳහා ඉකාමත් පැවසූ පසු අතිරේක සලාතයක් ආරම්භ කිරීමෙන් වැළකී සිටිය යුතුය. එය සුබ්හු හා ළුහර් සලාතයට අදාළ අතිරේක සලාතයක් වැනි අතිරේක සලාතයක් වුව ද ඒ හැර වෙනත් සුන්නත් සලාතයක් වුව ද එලෙසමය.
ඔහු අතිරේක සලාතයේ නිරතව සිටිය දී ඉකාමත් පවසනු ලැබූ විටෙක, එක් රකආතයකට වඩා අඩු ප්‍රමාණයක් ඉතිරිව තිබේ නම් ඉතිරිය ඉක්මණින් ඉටු කළ යුතු වේ. එසේ නොමැති විටෙක ආරම්භක තක්බීරයේ මහිමය මග නොහැරෙනු වස් එය විසන්ධි කළ ගත යුතුය.
التصنيفات
සාමූහික සලාතයේ මහිමය හා එහි නීති