“සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය

“සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය

අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ අබ්දිල්ලාහ් අන්-නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. “සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය. එමෙන්ම (හරාම් හෙවත්) තහනම් කරුණු ද පැහැදිලිය. මේ දෙක අතර සැක උපදවන කරුණු ද ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒවා නොදනිති. එහෙයින් කවරෙකු සැක උපදවන දැයින් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ඔහුගේ දහමට හා ඔහුගේ මාන්‍යයට ආරක්ෂාව සළසා ගත්තේය. කවරෙකු සැක උපදවන දෑහි වැටුනේ ද ඔහු තහනම් කරුණු අතරට වැටුණි. එය, වැට අවට එහි ඇතුළු වීමට බලන සතුන් පාලනය කරන එඩේරකු මෙනි. දැනගන්න! සෑම රජකුටම වැටක් ඇත. දැනගන්න! සැබැවින් අල්ලාහ්ගේ වැට වනුයේ ඔහු තහනම් කළ දෑය. දැන ගන්න! ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය විධිමත් වූ විටෙක මුළු ශරීරයම විධිමත් වෙයි. එමෙන්ම එය නරක් වූ විටෙක මුළු ශරීරයම නරක් වෙයි. දැන ගන්න! එයයි හදවත.”

[صحيح] [رواه البخاري ومسلم]

الشرح

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කරුණු සම්බන්ධයෙන් පොදු රීතියක් පැහැදිලි කළහ. සැබැවින්ම ඒවා ෂරීආ පිළිවෙත තුළ කොටස් තුනකට බෙදෙයි: (හලාල් හෙවත්) පැහැදිලි අනුමත කරුණු. (හරාම් හෙවත්) පැහැදිලි තහනම් කරුණු. ජනයා අතරින් බහුතරයක් අනුමත ද නැද්ද යන්න ගැන එහි නීතිය නො දන්නා අපැහැදිලි හා සැක උපදවන කරුණු. කවරෙකු සැක උපදවන මෙම කරුණු අත් හරින්නේ ද, තහනම් දෑහි වැටීමෙන් ඔහු දුරස් වී ඔහුගේ දහම ආරක්ෂා වනු ඇත. එමෙන්ම එම සැක සහිත දෑ සිදු කිරීම හේතුවෙන් මිනිසුන් ඔහුට කරන චෝදනාවෙන් ඔහුගේ මාන්‍යය ඔහුට ආරක්ෂා වනු ඇත. කවරෙකු එම සැක සහිත දැයින් වැළකී නොසිටියේ ද හරාම් දෑහි වැටීමෙන් හෝ මිනිසුන් විසින් නගන චෝදාවන්ට ලක්ව ඔහුගේ මාන්‍යය කෙළසී යාමෙන් ඔහුගේ ආත්මයට බලපානු ඇත. කවරෙකු සැක සහිත කරුණු සිදු කරන්නේ ද ඔහුගේ තත්ත්වය පැහැදිලි කරනු පිණිස අල්ලාහ්ගේ දූතයාණෝ උදාහරණයක් ඉදිරිපත් කළහ. එය පටු භූමියක තම ගොවිපල සතුන් ආරක්ෂා කරන එඬේරකු මෙනි. එම එඬේරාගේ සතුන් මෙම භූමියට ආසන්නව සිටින නිසා එහි තෘණ කෑමට සැරසේ. සැක සහිත දෑ කිසිවක් කිසිවකු විසින් සිදු කළේ ද ඔහු ද එලෙසම හරාම් දෙයට සමීප වී එහි වැටෙනු ඇත. ඉන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විස්තර කර සිටියේ: ශරීරයේ මස් කැබැල්ලක් (හදවත) ඇති බවත් එය විධිමත් වීමෙන් මුළු ශරීරයම විධිමත් වන බවත් එය දූෂිත වීමෙන් ශරීරය ද දූෂිත වන බවත්ය.

فوائد الحديث

මෙම හදීසය සැකයන් වළක්වා ගැනීම සඳහා වන රීතියකි.

නීතිය පැහැදිලි නැති, සැක සහිත දෑ අත්හැර දැමීමට උනන්දු කරවීම.