إعدادات العرض
“දහම උපදෙසකි
“දහම උපදෙසකි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ රුකය්යා තමීම් ඉබ්නු අව්ස් අද්-දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Yorùbá Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Fulfulde Italiano Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu Yaoالشرح
සැබැවින්ම ආගම අවංකත්වය හා සත්‍යය මත පදනම් වී ඇති බවත්, එය අල්ලාහ් අනිවාර්යය කළ පරිදි කිසිදු අඩුවක් හෝ රැවටීමක් හෝ සිදු නොකර පූර්ණ ව ඉටු කරන තරමටම විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එවිට ‘කවුරුන් වෙනුවෙන් විය යුතු දැ’යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ, මෙසේ පැවසුහ. පළමුව: "ශුද්ධ වූ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් විය යුතුය. එනම් ඔහුට අවංකව ක්‍රියා කිරීම, ඔහුට කිසිවක් හවුල් නොකිරීම, ඔහුගේ පරිපාලනත්වය, දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විශ්වාස කිරීම, ඔහුගේ කරුණ මහිමයට පත් කිරීම, ඔහුව විශ්වාස කරන මෙන් ඇරයුම් කර සිටීම යනාදිය තුළිනි." යැයි පැවසුහ. දෙවැන්න: ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් විය යුතුය. එය ශුද්ධ වූ අල් කුර්ආනයයි. එනම් එය ඔහුගේ ප්‍රකාශය බවත් ඔහුගේ අවසන් ග්‍රන්ථය බවත් ඊට පෙර පැවති සියලුම පිළිවෙත් එය වෙනස් කරන්නක් බවත් විශ්වාස කිරීම, එයට ගරුබුහුමන් කිරීම, එය කියවිය යුතු ආකාරයෙන් කියවීම, එහි අඩංගු නීති අනුව කටයුතු කිරීම, එහි එකිනෙකට සමාන දෑ හඳුනා ගැනීම, විකෘති කරන්නන්ගේ විකෘති අදහස්වලින් ඉවත් වීම, එහි උපදෙස් පිළිබඳ අවධානය යොමු කිරීම, එහි ඇති දැනුම ව්‍යාප්ත කිරීම, ඒ වෙත ඇරයුම් කිරීම යනාදී කරුණු තුළිනි. තුන්වැන්න: අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් විය යුතුය. එනම්: සැබැවින්ම එතුමාණන් අවසන් දූතයා බව විශ්වාස කිරීම, එතුමාණන් ගෙන ආ දෑ සම්බන්ධයෙන් එතුමාණන්ව සහතික කිරීම, එතුමාණන්ගේ නියෝග පිළිපැදීම, එතුමාණන් තහනම් කළ දැයින් වැළකී සිටීම, එතුමාණන් ගෙන ආ දැයින් හැර වෙනත් කිසිවකින් අල්ලාහ්ට නමස්කාර නොකිරිම, එතුමාණන්ගේ අයිතියට ගරු කිරීම, එතුමාණන්ට ගෞරවය කිරීම, එතුමාණන්ගේ ඇරයුම ප්‍රචාරය කිරීම, එතුමාණන්ගේ පිළිවෙත ව්‍යාප්ත කිරීම හා එතුමාණන් ගැන පවතින අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කිරීම යනාදිය තුළිනි. සිව්වැන්න: මුස්ලිම් නායකයින් වෙනුවෙන් විය යුතුය. එය සත්‍ය සඳහා ඔවුන්ට උපකාර කිරීම, ඔවුන් සමඟ වාද විවාද නොකිරීම සහ අල්ලාහ්ට අවනත වන කටයුතුවල දී ඔවුනට සවන් දීම හා කීකරු වීම තුළිනි. පස්වැන්න: මුස්ලිම්වරුන් වෙනුවෙන් විය යුතුය. එය ඔවුන් සමග ත්‍යාගශීලීව කටයුතු කිරීම, සත්‍යය වෙත ඇරයුම් කිරීම, ඔවුනට අත්වන හානිදායක දැයින් ඔවුන් වැළැක්වීම, ඔවුනට සෙත සලසන්නට ප්‍රිය කිරීම, යහපත හා අල්ලාහ් පිළිබඳ මතකය ගෙන දෙන කටයුතු වලදී ඔවුනට සහයෝගය දී කටයුතු කිරීම යනාදිය තුළිනි.فوائد الحديث
සියලු දෙනා වෙනුවෙන් උපදෙස් දීමේ නියෝගය.
දහම ගැන උපදෙස් දීම යන ස්ථාවරයේ වැදගත්කම.
ප්‍රතිපත්තීන්, ප්‍රකාශ හා ක්‍රියාවන් යනාදි දහමට අන්තර්ගත වී තිබීම.
උපදෙස් දෙනු ලබන්නා රැවටීමෙන්, තමා ව පිරිසිදු කර ගැනීම හා ඔහුට යහපත අපේක්ෂා කිරීම උපදෙස් දීමෙන් අපේක්ෂා කෙරෙයි.
කරුණු කෙටියෙන් දක්වා, පසුව ඒවා විස්තර කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ විශිෂ්ඨ ක්‍රමවේදය.
වඩාත් වැදගත් දෙයින් පසු වැදගත් දෙයින් පටන් ගැනීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපදෙස අල්ලාහ් වෙනුවෙන් යැයි පටන් ගෙන පසුව ඔහුගේ ආගම් වෙනුවෙන් හා පසුව ඔහුගේ දූතයාණන් වෙනුවෙන් පසුව මුස්ලිම් නායකයින් වෙනුවෙන් හා පසුව පොදු මුස්ලිම්වරුන් යනුවෙන් යනාදී ලෙස පිළිවෙළට විය.
