إعدادات العرض
1- සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.
2- අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරගෙන ඔවුන් වෙත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහුට එරෙහිව දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.
3- නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබන්නෙකි. නායකයා මෙහෙයවන්නෙකි. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත.
4- මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් කළේය.
5- සැබැවින්ම උමර් ඉබ්නු අල් කත්තාබ් තුමා ප්රාරම්භක මුහාජිර්වරුන් හට හාරදහසක් නියම කරන්නෙකු වූහ.