إعدادات العرض
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස…
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
ලෞකික හා ආගමික කටයුතුවලදී යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ දී අල්ලාහ් මත සම්පූර්ණ විශ්වාසය තැබිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප දිරිගන්වා ඇත. උත්තරීතර සුවිශුද්ධයාණන් හැර යමක් පිරිනමන්නට හෝ යමක් වළක්වන්නට හෝ යම් හානියක් කරන්නට හෝ යම් සෙතක් සළසන්නට හෝ කිසිවකු නැත. අල්ලාහ් මත සැබෑ අදිෂ්ඨානය තැබීමත් සමග යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ සාධක අප විසින් පිළිපැදිය යුතුය. එය අප සිදු කළ විට කුසගින්නෙන් උදෑසන පිටත්ව ගොස් සවස් කාලයේ කුස පුරවාගෙන එන පක්ෂියාට අල්ලාහ් පෝෂණ සම්පත් දායාද කරන්නා සේ අල්ලාහ් අපට පෝෂණ සම්පත් පිරිනමනු ඇත. මෙම ක්‍රියාව විශ්වාසය මත පමණක් පදනම්ව මැලි නොවී පෝෂණ සම්පත් සෙවීම සඳහා තම උත්සහය යෙදීමේ සාධක අතරින් වූ එක් වර්ගයකි.فوائد الحديث
විශ්වාසය තබා භාර කිරීමේ මහිමය. සැබැවින්ම එය පෝෂණ සම්පත් ගෙන දීමේ අතිමහත් සාධකයකි.
විශ්වාසය තබා භාර කිරීමේ ක්‍රියා හේතුවට පටහැනි නොවේ. සැබෑ විශ්වාසය තබා භාර කිරීම යනු එය පෝෂණ සම්පත් සේවීමේ දී උදේ සවස පිටත්ව ගොස් පැමිණීමේ ක්‍රියාවලියට විරුද්ධ නොවන්නකි.
හදවත් හා බැඳුණු ක්‍රියාවන්ට ෂරීආව ප්‍රමුඛත්වය ලබා දෙයි. සැබැවින්ම විශ්වාසය තබා භාර කිරීම යනු හදවත හා බැඳුණු ක්‍රියාවකි.
හේතු මත පමණක් බැඳී සිටීම දහම තුළ හීනතාවකි. එමෙන්ම හේතු සාධක අත්හැර දැමීම බුද්ධි හීනතාවකි.
