නුඹලාගේ සිහිනය මා ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද…

නුඹලාගේ සිහිනය මා ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද අවසන් භාගයේ හත්වැනි දින එය සොයත්වා.

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන් අතුරින් මිනිසුන් කිහිප දෙනෙකුට අවසන් (භාගයේ) හත් වන දිනයේ කද්ර් රාත්රිය සිහිනෙන් පෙන්වන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ “නුඹලාගේ සිහිනය මා ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද අවසන් භාගයේ හත්වැනි දින එය සොයත්වා” යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

කද්ර් රාත්රිය බලවත් ගෞරවණීය රාත්රියකි. එහි කුසල් ගුණ කරනු ලැබේ. පාපකම්වලට සමාව දෙනු ලැබේ. කටයුතු සැලසුම් කරනු ලැබේ. එහි මහිමය හා එහි පවතින උදාරත්වය වටහා ගත් සහාබාවරු එහි වේලාව ගැන දැනගන්නට ආශා කළහ. නමුත් උත්තරීතර අල්ලාහ් ඔහුගේ ප්රඥාවක් හේතුවෙන් හා ඔහුගේ මැවීම් කෙරෙහි ඔහු පිරිනමන ආශිර්වාද හේතුවෙන් ඔවුන්ගෙන් එය සැඟවීය. එය රාත්රි පුරාවට ඔවුන් දිගු කාලයෙක් එහි වෙළී සිටීම පිණිසය. එහෙයින් ඔවුනට ප්රයෝජනය ගෙන දෙන නැමදුම් ඔවුහු අධිකව ඉටු කරන්නට විය. සහාබාවරු එය නින්දේදී දුටුවෝය. එමළාන් මාසයේ අවසන් දින දහයේ හත් වැනි දින බවට තමන් එය දුටු බව ඒකමතිකව පවසා සිටියෝය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද හත් වැනි දින එය සැළසුම් කරනු ලැබ ඇති බවට දුටුවෙමි. එබැවින් කවරෙකු එය සොයන්න්නේද ඔහු අවසන් දිනයන්හි සොයත්වා යැයි පැවසූහ. තවත් වාර්තාවක අවසන් දින දහයේ යනුවෙන් සඳහන් වී ඇත. විශේෂයෙන්ම එම දිනයන්හි ඔත්තේ දිනවලදී. එය බලාපොරොත්තු තබන්නට වඩාත් උචිතය. එබැවින් රමළාන් මාසයේ මුස්ලිම්වරයා උනන්දුවෙන් නැමදුම් කටයුතු කළ යුතු අතර අවසාන දින දහයේ අධික ලෙස කටයුතු කළ යුතුය. විසි හත්වැනි රාත්රියේ ඊටත් වඩා අධිකව ඉටු කළ යුතුය.

التصنيفات

රමළාන් මසෙහි අවසන් දින දහය