إعدادات العرض
සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි
සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි. සැබැවින්ම සුළු පාපයන් වනාහි මිටියාවතක් මධ්‍යයේ ගොඩ බසින පිරිසක් මෙනි. ඇතැමුන් කෝටු සමග පැමිණෙයි. තවත් ඇතැමුන් ද කෝටු සමග පැමිණෙයි. අවසානයේ එමගින් ඔවුන්ගේ රොටි පිළියෙල කර ගනිති. සැබැවින්ම සුළු පාපයන් වනාහි, කවර අවස්ථාවක අදාළ පුද්ගලයා එමගින් ග්‍රහණය කරනු ලබන්නේ ද එය ඔහුව විනාශ කර දමනු ඇත."
الشرح
කුඩා පාපයන් සිදු කිරීම සම්බන්ධව නොසැළකිලමත්කම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කළහ. එය වැඩි වී යයි. එවිට ඒ සියල්ලෙහි එකතුවෙන් ඔහුව විනාශ කර දමයි. ඒ සඳහා උපමාවක් ලෙස මිටියාවතක් මධ්‍යයේ ගොඩ බැස්ස පිරිසක් සඳහන් කළහ. ඔවුන් අතරින් සෑම කෙනෙකුම කුඩා කොටුවක් සමග පැමිණෙයි. අවසානයේ රැස් කරනු ලැබූ කෝටු එකතුවෙන් ඔවුහු ඔවුන්ගේ රොටි පිස ගනිති. සැබැවින්ම සුළු පාපයන් වනාහි, අදාළ තැනැත්තා ඒවා සිදු කර ඒ සඳහා පාපක්ෂමාවෙහි නිරත නොවූ යේ නම් හෝ අල්ලාහ් ඒ ගැන ඔහුට සමාව නොදුන්නේ නම්, ඒවා ඔහුව විනාශ කර දමනු ඇත.فوائد الحديث
ඉතා කිට්ටුවෙන් කරුණු වටහා ගැනීම සඳහා සහ අමතර විස්තර සඳහා උපමා ගෙන හැර පෑමේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීම.
අල්ප හා කුඩා ගණයේ පාපකම්වලින් වැළකී සිටීම. ඒවාට ප්‍රතිකර්මයන් තුළින් සමනය කිරීම සඳහා දිරිගැන්වීම.
අල්ප හා සුළු පාපයන් විවිධාකාරයෙන් අර්ථ ගන්වා ඇත. පළමුවැන්න: සුළු යැයි සිතා, ගැත්තා සිදු කරන මහා පාපකම්. ඒවා උත්තරීතර අල්ලාහ් අබියස මහා පාපකම් වේ. දෙවැන්න: ගැත්තා ඒ ගැන සැළකිලිමත් වීමෙන් තොරව ඒ සඳහා පාපක්ෂමාවෙහි නිරත නොවී, සිදු කරන කුඩා පාපකම්. එම කුඩා පාපකම් ඔහුව විනාශ කරන තරමට එක් රැස් වෙයි. තුන්වැන්න: ගැත්තා ඒ ගැන සැලකිලිමත් නොවී සිදු කරන පාපකම් එය විනාශකාරී මහා පාපකම්හි වැටීමට හේතුවක් බවට පත්වෙයි.
التصنيفات
පාපයන්හි පහත්භාවය