إعدادات العرض
මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි
මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] [رواه أبو داود والترمذي وأحمد]
الترجمة
العربية Português دری Македонски Magyar Tiếng Việt ქართული Kurdî বাংলা ไทย অসমীয়া Nederlands ਪੰਜਾਬੀ Indonesia Kiswahili ភាសាខ្មែរ English ગુજરાતી Hausa Tagalog Русский മലയാളം मराठी Српскиالشرح
මිනිසුන් තමාට කළ යහපත හා කරුණාව වෙනුවෙන් ස්තූති නොකරන තැනැත්තා සාමාන්‍යයෙන් අල්ලාහ්ට ද ස්තූති නොකරන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. මක්නිසාද යත්, ඒ කාරණා දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති බැවිනි. මන්ද, මිනිසුන්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන සහ ඔවුන්ට ස්තූති නොකරන ස්වභාවයක් සහ පුරුද්දක් ඇති තැනැත්තා අල්ලාහ්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන අතර ඒවා වෙනුවෙන් ඔහුට ස්තූති කිරීමට අපොහොසත් වීමේ පුරුද්දක් ද ඇති කර ගනී.فوائد الحديث
මිනිසුන් කළ යහපතට කෘතඥවීමේ වැදගත්කම
සැබෑ ආශිර් වාදක සර් ව බලධාරී අල්ලාහ් වන අතර, මැවීම යනු සර් ව බලධාරී අල්ලාහ් තමන් කැමති ඕනෑම කෙනෙකුට වසඟ කර දෙන මාධ්‍යයකි. එබැවින්, මිනිසුන්ට ස්තූති කිරීම සර් ව බලධාරී දෙවියන් වහන්සේට ස්තූති කිරීමේ කොටසකි.
මිනිසුන්ගේ යහපතට ස්තූති කිරීම ගුණධර්මයේ පරිපූර්ණෙත්වයට සාධකයකි.
التصنيفات
ප්රශංසනීය සාරධර්ම