අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්රවේශ වූ විට, රාත්රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ.…

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්රවේශ වූ විට, රාත්රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. පරිශ්රමයෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.

“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්රවේශ වූ විට, රාත්රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. පරිශ්රමයෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.” යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

රමළාන් මාසයේ අවසන් දින දහය ප්රවේශ වූ විට මුළු රාත්රියම විවිධ නැමදුම් කටයුතුවලින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජීවමාන කළහ. සලාතය සඳහා එතුමාගේ පවුලේ උදවිය අවදි කළහ. තමන් සුපුරුදු පරිදි කරන නැමදුම්වලට වඩා අතමරව නැමදුම්හි ඉතා පරිශ්රමයෙන් කටයුතු කළහ. ඒ සඳහාම වෙන් වූහ. තම බිරියන්ගෙන් ඉවත්ව සිටියහ.

التصنيفات

රමළාන් මසෙහි අවසන් දින දහය