إعدادات العرض
කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත
කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අල්-ජඃද් අල්-ළම්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඔහුට නබි තුමාණන් සමග මිතුදමක් විය. "කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත."
الترجمة
العربية Tiếng Việt Bahasa Indonesia Nederlands Kiswahili অসমীয়া English ગુજરાતી Magyar ქართული Hausa Românăالشرح
ජුමුආ සලාතය අත්හරින උදවියට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි දී අවවාද කර ඇත්තාහ. සැබැවින්ම කවරෙකු ජුමුආ සලාතය වාර තුනක් කිසිදු හේතුවකින් තොරව නොසැලකිලිමත්කමින් මඟ හැරියේ ද අල්ලාහ් ඔහු වෙත ළඟා වන යහපත වළක්වාලමින් ඔහුගේ හදවත මත මුද්‍රා තබා එය ආවරණය කරනු ඇත.فوائد الحديث
සැබැවින්ම ජුමුආ සලාතය ෆර්ලු අයින් හෙවත් අනිවාර්යය වගකීමක් බව ඉබ්නු අල්-මුන්දිර් තුමා විද්වතුන්ගේ ඒකමතික තීන්දුව ප්‍රකාශ කර සිටියේය.
කවරෙකු ජුමුආ සලාතය නොසැලකිලිමත්කමින් මග හරින්නේ ද ඔහුගේ හදවත මත අල්ලාහ් මුද්‍රා තබන බව පවසමින් දැඩි අවවාද කර ඇත.
යම් කිසි හේතුවක් මත ජුමුආ සලාතය මඟ හැරියේ නම් ඔහු මෙම අවවාදයට
ඇතුලත්වන්නේ නැත.
අෂ්-ෂව්කානී තුමා මෙසේ පවසයි: (ජුමුආ වාර තුනක්) යන ප්‍රකාශ වනාහි, එය පොදුවේ එක දිගට දින තුනක් හෝ වේවා වෙන් වෙන්ව දින තුනක් හෝ වේවා එසේ මඟ හැරියේ නම්, දෙකම එක සමාන වේ යන මතය දරනු ඇත. එය කෙතරම් ද යත් සෑම වසරකම ජුමුආවක් බැගින් අත් හැරිය ද තුන්වන වාරයෙන් පසු ඔහුගේ හදවත මත අල්ලාහ් මුද්‍රා තබනු ඇත. හදීසයේ මතුපිට අර්ථය මෙයයි. එමෙන්ම එක දිගට දින තුනක් යන අදහස ද එය දරනු ඇත.