“ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත

“ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මූමින්වරුන්ගේ නායක අබූ හෆ්ස් උමර් ඉබ්න් අල් හඃත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. “ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්‍රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා සිදු කරන්නේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් කරන්නේ ද ඒ සඳහා පිහිටනු ඇත."

[صحيح] [رواه إماما المحدثين أبو عبد الله محمد بن إسماعيل بن إبراهيم بن المغيرة بن بردزبه البخاري وأبو الحسين مسلم بن الحجاج بن مسلم القشيري النيسابوري في صحيحيهما اللذين هما أصح الكتب المصنفة]

الشرح

සෑම ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනාව අනුව බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. නැමදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි මෙම නීතිය පොදුවේ පිළිපදිනු ලැබේ. එබැවින් පුද්ගලයකු ඔහුගේ කටයුතු තුළින් යම් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එම ලාභය ඔහු ලබන අතර ඔහුට කුසල් හිමි වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු උත්තරීතර අල්ලාහ්ට සමීප වීම අපේක්ෂා කළේ නම්, ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු කුසල් හා ප්‍රතිඵල ලබනු ඇත. ආහාර හා පාන ගැනීම මෙන් එදිනෙදා කරන ක්‍රියාවක් වුව ද එලෙසමය. ඉන්පසුව මතුපිට ස්වරූපයෙන් චේතනාව හා ක්‍රියාව එකිනෙකට සමානව තිබිය දී, ක්‍රියාව තුළ චේතනාවට ඇති බලපෑම කෙසේ දැයි පැහැදිලි කිරීමට උපමාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඉදිරිපත් කළහ. ඒ අනුව, කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම දේශය අත්හැර ඉන් නික්ම යාමට අපේක්ෂා කළේ ද ඔහුගේ නික්ම යෑම පිළිගනු ලබන ආගමික පිළිවෙතක් වේ. ඔහුගේ චේතනාවේ අවංකභාවය නිසාවෙන් ඒ සඳහා කුසල් ලැබෙනු ඇත. නමුත් ඔහුගේ නික්ම යෑම තුළින් ධනය, කීර්තිය ව්‍යාපාරය හා විවාහය වැනි ලෞකික ලාබයක් අපේක්ෂා කළේ ද ඔහු චේතනා කළ ලාභය මිස නික්ම යෑමේ කුසල් හෝ ප්‍රතිඵල ඔහුට ලබන්නේ නැත.

فوائد الحديث

පිවිතුරු චේතනා ඇති කිරීමට උනන්දු කිරීම. සැබැවින්ම අල්ලාහ් තම තෘප්තිය උදෙසා සිදු කරන දෑ මිස වෙනත් ක්‍රියාවන් පිළිගන්නේ නැත.

සර්වබධාරී අල්ලාහ් වෙත සමීපවන ක්‍රියාවන් වගකීම් දරන්නෙකු ඒවා සාමාන්‍ය පුරුද්දක් ලෙස සිදු කළේ නම්, එමගින් අල්ලාහ්ගේ සමීපත්වය අපේක්ෂා කරන තෙක් ඔහුට ඒ සඳහා වන කුසල් හිමි නොවනු ඇත.

චේතනාව, නැමදුම් අතරින් ඇතැම් කටයුතු තවත් කටයුතු වලින් වෙන් කර දක්වයි. එමෙන්ම නැමදුම් පුරුදුවලින් වෙන් කර දක්වයි.