යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු…

යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් යුතුව ඔහුව මුණ ගැසෙයි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් යුතුව ඔහුව මුණ ගැසෙයි." වාර්තාකරු තවදුරටත්: අෂ්අස් තුමා මෙසේ පැවසීය: "මා සම්බන්ධයෙන් නම්, අල්ලාහ් මත දිවුරා පවසමි, එය සිදු විය. මා අතර හා යුදෙව් මිනිසෙකු අතර භූමි භාගයක් විය. ඔහු මට බලපෑම් කළේය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඔහුව ඉදිරිපත් කළෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් : ඔබට සාක්ෂි තිබේදැ?යි විමසා සිටියහ. මම නැතැයි පිළිතුරු දුන්නෙමි. එතුමාණෝ යුදෙව්වාට ඔබ දිවුරා සිටින්නැයි කියා සිටියහ. මම: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, ඔහු දිවුරා මාගේ ධනයත් රැගෙන යනු ඇත' යැයි පැවසුවෙමි . එවිට උත්තරීතර අල්ලාහ් මෙය පහළ කළේය. "සැබැවින්ම අල්ලාහ්ගේ ගිවිසුම හා ඔවුන්ගේ දිවුරුම් සුළු මිලකට විකුණනන්නන් වනාහි.." පාඨයේ අවසානය දක්වා පහළ විය.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

දිවුරා සිටින්නා බොරුකාරයෙක් යැයි තමන් දැන දැනම එම දිවුරුම තුළින් තවකෙකුගේ ධනය සූරා කෑම සඳහා කවරෙකු අල්ලාහ් මත දිවුරා සිටින්නේ ද ඔහු කෝපයට ලක් වූ අයකු සේ අල්ලාහ්ව ඔහු මුණ ගැසෙනු ඇත. එවිට අෂ්අස් ඉබ්නු කයිස් (රළියල්ලාහු අන්හු) තුමා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි එය තමන් අතර හා යුදෙව් පුද්ගලයෙකු අතර භූමි භාගයක අයිතිය සම්බන්ධයෙන් වාදයක් වූ බව දන්වා සිටියේය. පසුව දෙදෙනාම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් තීන්දු පැතූ අතර එවිට එතුමාණෝ අෂ්අෂ් තුමාට මෙසේ පැවසුහ. "ඔබ වාද කරන දෑ සහතික කිරීම සඳහා ඔබට සාක්ෂි අවශ්‍යය. ඒ සඳහා ඔබ අපොහොසත් වූයේ නම්, ඔබට කිසිවක් නැත. නමුත් වාද කරනු ලබන්නා ඔබේ වාදයට දිවුරා සිටිනු ඇත." එවිට අෂ්අස් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එවිට එම යුදෙව් පුද්ගලයා කිසිදු පසුබට වීමකින් තොරව දිවුරා මාගේ ධනය ද රැගෙන යනු ඇත." එවිට එය සහතික කරමින් අල් කුර්ආනයේ ඒ ගැන පාඨයක් අල්ලාහ් පහළ කළේය. "සැබැවින්ම මිලට ගන්නා අය වනාහි" හුවමාරු කර ගන්නා අය වනාහි, "අල්ලාහ්ගේ ගිවිසුම" වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් දේවත්වය විශ්වාස කරන්නන් හට ඔහු කළ උපදෙස "සුළු මිලකට" මෙලොව අල්ප දෙයකට "ඔවුනට මතුලොවෙහි කිසිදු කොටසක් නැත." පංගුවක් නැත. "අල්ලාහ් ඔවුන් සමග කතා නොකරනු ඇත." ඔවුන් සතුටු වන පරිදි ඔවුනට ප්‍රයෝජනවත් වන පරිදි ඔහු ඔවුන් සමග කතා නොකරනු ඇත. ඔවුන් කෙරෙහි ඔහු කෝප වෙයි. "තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වෙත බලන්නේ නැත." ඔහුගේ කරුණාවේ හා සෙනෙහසේ බැල්මෙන්. "තවද ඔවුන්ව ඔහු පිවිතුරු කරන්නේ නැත." අලංකාර පැසසුමෙන්, ඔවුන්ගේ කිලිටි හා පාපකම් සඳහා සමාව දානය කිරීමෙන් ඔවුන්ව පිවිතුරු කරන්නේ නැත. "තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත." ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් වේදනා සහගත දඬුවමක් ඇත.

فوائد الحديث

නීති විරෝධී ලෙස මිනිසුන්ගේ ධනය සූරා කෑමේ තහනම.

මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් කුඩා වුව ද විශාල වුව ද ඒවා ශක්තිමත් කිරීම.

වාද කරන්නා සාක්ෂි ඉදිරිපත් කිරීම හා වාද කරනු ලබන්නා එය ප්‍රතික්ෂේප කළ විට දිවුරා සිටීම.

සාක්ෂිකරුවන් දෙදෙනකු හරහා සත්‍යය ස්ථාපිතය කිරීම. වාද කරන්නා අබියස සාක්ෂි නොමැති නම් වාද කරනු ලබන්නා ඒ ගැන දිවුරා සිටිය යුතු වේ.

බොරු සාක්ෂි දැරීමේ තහනම, එනම් වෙනත් අයගේ අයිතිය පැහැර ගනු පිණිස දිවුරා සිටින්නා පවසන ව්‍යාජ කරුණුය. එය උත්තරීතර අල්ලාහ්ගේ කෝපයට හා ඔහුගේ දඬුවමට අදාළ තැනැත්තාව ඉදිරිපත් කරනු ලබන මහා පාපකම් අතරින් එකකි.

නීතිපතිවරයා වාද කරන්නාට උපදෙස් දීම. විශේෂයෙන්ම දිවුරා සිටින්නට අපේක්ෂා කළ අවස්ථාවක එය බෙහෙවින්ම සිදු විය යුතුය.

التصنيفات

දිවුරුම් හා භාරහාර, කෙනකු වෙනුවෙන් වාද කිරීම හා සාක්ෂි සාධක