إعدادات العرض
1- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එතුමා: “සැබැවින්ම භාරහාර තැබීම යහපතක් ගෙන දෙන්නේ නැත. එමගින් මතු වනුයේ මසුරුකම පමණය.” යැයි පැවසූහ.
2- අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් අනෙක අතහැර දමමි.
3- ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්‍යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම වන්නේය.
4- කවරෙකු මම ඉස්ලාමයෙන් ඉවත් වන්නෙක්මි යැයි පවසා (යමක් සම්බන්ධයෙන්) දිවුරා සිටියේ ද, ඔහු බොරු කාරයෙක් නම් ඔහු කියූ පරිදිම එය වනු ඇත. ඔහු සත්යවාදියෙකු නම් ඔහු ඉස්ලාමය වෙත සුරක්ෂිතව නැවත යොමු වන්නේ නැත.
5- ඔබලා ඔහුට අණ කරනු. ඔහු කතා කරත්වා හෙවණ ලබත්වා වාඩිවෙත්වා ඔහුගේ උපවාසය සම්පූර්ණ කරත්වා.
6- ඔබ අතුරින් කිසිවකු හෝ තම පවුල සම්බන්ධෙයන් දිවුරා සිටීමෙහි ඉක්මවා යෑම, අල්ලාහ් අනිවාර්යය කළ කෆ්ෆාරා (ප්රතිකර්මය) පිරිනැමීමට වඩා අල්ලාහ් අභියස එය බරපතල පාපයකි.
7- වැඩිවියට පත්වීමෙන් පසු අනාථ භාවය නැත. එමෙන්ම රාත්‍රිය දක්වා දවසේ නිහඬව සිටීමක් නැත.