මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවී නම් සෑම සලාත් අවස්ථාවකම කට පිරිසිදු කරන මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.

මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවී නම් සෑම සලාත් අවස්ථාවකම කට පිරිසිදු කරන මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවී නම් සෑම සලාත් අවස්ථාවකම කට පිරිසිදු කරන මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පූර්ණ උපදෙස් මෙන්ම එතුමා ප්රිය කළ කරුණු අතරින් තම සමූහාට යහපත පැතීම හා ඔවුනට යහපත හැරී එන සියලු ක්රියාවන් ඔවුන් සිදු කිරීම ගැන එතුමා ප්රිය කිරීමද ඇතුළත් වේ. දත් පිරිසිදු කිරීමන් ලැබෙන බොහෝ ප්රයෝජන හා එය මෙලොවට මෙන්ම මතුලොවට බලපාන ප්රයෝජන එතුමා දැනගත් කල්හි එතුමා ඔවුනට දත් පිරිසිදු කිරීමට උනන්දු කළේය. එය ‘සෑම වුළූ ධෝවනයක් සමගම’ යන වාර්තාවේ සඳහන් පරිදි වුළු හෝ සලාතය ඉටු කරන සෑම අවස්ථාවකම තම සමූහයාට අනිවාර්යය වන තරමටම විය. නමුත් එතුමාගේ පූර්ණ කරුණාව හා ආදරය හේතුවෙන් අල්ලාහ් ඔවුනට එය අනිවාර්යය කොට; පසුව එය ක්රියාත්මක කිරීමට ඔවුනට නොහැකි වී; ඒ හේතුවෙන් ඔවුන් පව්කාරයින් වේවි දෝයි යන බිය එතුමාට හට ගැනින. එබැවින්ම ඒ ගැන බියෙන් හා තම සමූහයා වෙත තිබෙන කරුණාව හේතුවෙන් එය ඔවුන් වෙත අනිවාර්යය වීමෙන් වැළැක්වීය. ඒ සමගම එතුමා ඒ සඳහා ඔවුන් දිරි ගැන්වූ අතරම ඒ සඳහා ආශාව ද ඇති කළහ.

التصنيفات

මුහම්මදානු සාරධර්ම