නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම නිවසට පිවිසුනු විට කවර කරුණකින් ආරම්භ කරන්නෙකු ලෙස සිටියේද? (යැයි විමසන…

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම නිවසට පිවිසුනු විට කවර කරුණකින් ආරම්භ කරන්නෙකු ලෙස සිටියේද? (යැයි විමසන ලදී) ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවාය.

ෂුරෙය්හි ඉබ්නු හානී තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම නිවසට පිවිසුනු විට කවර කරුණකින් ආරම්භ කරන්නෙකු ලෙස සිටියේද? යැයි මම ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවාය.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තම නිවසට ඇතුළු වූ වහාම මුළින්ට ඉටු කළ කටයුත්ත දත් මැද පිරිසිදු කර ගැනීම යැයි ආඉෂා තුමිය දන්වා සිටියාය. පොදුවේ සියලුම වේලාවන්හි දත්මැදීම ආගමානුගත කොට ඇත. එය ෂරීආව පෙන්වා දුන් ඇතැම් වේලාවන්හි ඉතා වැදගත් සුන්නාවක් වන්නේය. ඉන් එක් අවස්ථාවක් වනුයේ නිවසට පිවිසෙන අවස්ථාවය. එක්රැස්වූ පිරිසට අධික ලෙස කතා කිරීමෙන් පොදුවේ මුඛයේ ඇතිවන්නාවූ තත්ත්වය ඉවත් කරනු වස් එතුමා එසේ සිදු කරන්නට ඇත.

التصنيفات

පෙර සිට පැවත එන පිළිවෙත්