අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව…

අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය."

[حسن] [رواه أبو داود]

الشرح

කාන්තාවකගේ භාරකරු විසින් ඇයව මස්ජිදයට යෑමෙන් වැළැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත. නමුත් කාන්තාවන් පිටතට යන විට පිරිමින්ගේ අවදානය යොමු වී ඔවුන් අතර අර් බූද ඇති නොවන වස් සුවඳ විලවුන් ගැල්වීමෙන් තොරව අලංකාර රුව ප්‍රදර්ශනය නොකර පිටතට යන ලෙස එතුමාණෝ නියෝග කළහ.

فوائد الحديث

අර් බූදයක් ඇති නොවන ආරක්ෂිත වාතාවරණයක් තිබී එහි දී ඇය අලංකාරයෙන් හෝ සුවඳ විළවුන් ගැල්වීමෙන් තොරව පිටත්ව යන්නේ නම්, එවිට මස්ජිදයේ සලාත් ඉටු කිරීම සඳහා කාන්තාවට අවසරය ඇත.

ස්වාමිපුරුෂයන්ට අවසර දෙන ලෙස අණ කර ඇති බැවින්, කාන්තාවක් තම ස්වාමිපුරුෂයාගේ අවසරය ඇතිව මිස ඔහුගේ නිවසින් පිටව නොයා යුතු බවට මෙය සාක්ෂියක් ලෙස භාවිතා කෙරේ.

ඉස්ලාමය කාන්තාවන් පිළිබඳ සැලකිලිමත් වන අතර දැනුම සෙවීම හා එවැනි යහපත් කටයුත්තක් සඳහා පිටතට යාමෙන් ඔවුන් වළක්වන්නේ නැත.

කාන්තාව කෙරෙහි පුරුෂයාගේ භාරකාරත්වය සහ සැලකිලිමතභාවය සහතික කිරීම.

التصنيفات

ඇඳුම් පැළදුම් හා අලංකාරය, Jurisprudence for Muslim Women, මස්ජිද් පිළිබඳ නීතිරීති