සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (සත්ව) ගොම හෝ අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම තහනම් කළහ

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (සත්ව) ගොම හෝ අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම තහනම් කළහ

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (සත්ව) ගොම හෝ අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම තහනම් කළහ. එමෙන්ම, "සැබැවින්ම ඒ දෙක පිරිසිදු කරන්නේ නැත" යැයි ද පවසා සිටියහ.

[صحيح] [رواه الدارقطني]

الشرح

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මළ මූත්‍රා කිරීමෙන් පසු (සත්ව) ගොම, වියළුණු අපද්‍රව්‍ය හෝ අස්ථි කොටස් යොදා ගනිමින් පිරිසිදු කිරීම තහනම් කළ අතර එතුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම ඒවා අපවිත්‍ර දෑ ඉවත් නොකරයි. ඉන් පිරිසිදු නොකරයි."

فوائد الحديث

වැසිකිලි යාමේ හා පිරිසිදු කිරීමේ ආචාර ධර්ම කිහිපයක් විස්තර කිරීම.

ගොම යොදා ගනිමින් පිරිසිදු කිරීමේ තහනම: මක්නිසාදයත් එය අපිරිසිදුය. එසේ නැතහොත් එය ජින්නුන්ගේ සතුන්ට ආහාරයක් වන බැවිනි.

අස්ථි යොදා ගනිමින් පිරිසිදු කිරීමේ තහනම: මක්නිසාදයත් එය ද අපිරිසිදුය. එසේ නැතහොත් එය ජින්වරුන්ගේම ආහාරයක් වන බැවිනි.

التصنيفات

(වැසිකිලි කැසිකිලි) අවශ්යතා සපුරා ගැනීමේ විනය