إعدادات العرض
අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඔබේ අදහස කුමක්ද? යැයි විමසීය. එතුමා,…
අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඔබේ අදහස කුමක්ද? යැයි විමසීය. එතුමා, ඔහුට ඔබේ ධනය පිරි නොනමනු. යැයි පැවසූහ.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත මිනිසෙකු පැමිණ, අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද? යැයි විමසීය. එතුමා, ඔහුට ඔබ ඔබේ ධනය පිරි නොනමනු. යැයි පැවසූහ. ඔහු, මා සමග අරගල කරන්නට වූයේ නම් ඔබ කුමක් සිතන්නෙහිද? විමසීය. එතුමා, ඔබ ද ඔහු සමග අරගල කරනු. යැයි කීහ. ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහිද? යැයි විමසීය. එවිට: ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ යැයි පැවසූහ. මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද? ඔහු නිරයට අයත් කෙනෙකි යැයි එතුමා පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdîالشرح
මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, අල්ලාහ්ගේ දූතයාණනි! අයුතු ලෙසින් මාගේ ධනය පැහැර ගන්නට මිනිසෙකු මා වෙත පැමිණියේ නම් මම ඔහු සමග කටයුතු කළ යුත්තේ කෙසේ දැයි මට දන්වා සිටිනු යැයි පැවසීය. එවිට එතුමා: එය ඔහුට පිරිනොනමනු. යැයි පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු මා සමග සටන් වදින්නේ නම් ඔහු සමග මා කටයුතු කළ යුත්තේ කෙසේදැයි මට දන්වා සිටිනු යැයි පැවසීය. එවිට, ඔබේ ධනය ඔබ වළක්වා ගනු. එසේ වළක්වාලීම අරගලයක් දක්වා ගෙන ගියද. නමුත් ඔබ ආරම්භයේ සැහැල්ලුවෙන් කටයුතු කළේ නම් එය සැහැල්ලු වනු ඇත. උදාහරණ වශයෙන් ඔබ ආයාචනා කර සිටීම හෝ පොල්ලක් හෝ ආයුධයක ආධාරයෙන් බිය වැද්දීම වැන්නක් සිදු කරන්නාක් මෙනි. නමුත් ඔහු මගෙන් මිදී මා ඝාතනය කර දැමීමට අවස්ථාවක් උදා වූ විට මාගේ ගමන කුමක් වේවි දැයි විමසීය. ෂහීද් වරයකු ලෙස මිය ගිය තැනැත්තාට හිමි කුසල් ඔබට සතු වේ යැයි පැවසූහ. මට අවස්ථාවක් ලැබී මම මාගේ ධනය ආරක්ෂා කර ගනු පිණිස මම ඔහු මරා දැමුවේ නම් ඔහුගේ තත්ත්වය කුමක් වීද යැයි විමසීය. ඔහු, කරකියා ගත නොහැකි අයුරින් නිරයේ සිටියි. ඔහු එහි සදාතනිකව රැඳෙයි. හේතුව ඔහු දහමෙහි තහනම් කර ඇති බව දැන දැනම උවමනාවෙන්ම එය අනුමත කරගත් බැවිනි.