إعدادات العرض
1- මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.
2- සැබැවින්ම අල්ලාහ් තම වගකීම් පිළිපදිනු ලැබීම ප්රිය කරන්නාක් මෙන්ම ඔහුගේ සහන පිළිපදිනු ලැබීමත් ප්රිය කරයි
3- අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඔබේ අදහස කුමක්ද? යැයි විමසීය. එතුමා, ඔහුට ඔබේ ධනය පිරි නොනමනු. යැයි පැවසූහ.