කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ…

කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, බිරියගේ සහෝදරිය පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද? (එවිට) ‘හම්වු’ නොහොත් බිරියගේ සහෝදරිය මරණය වේ යැයි එතුමා පැවසුහ.

උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, බිරියගේ සහෝදරිය පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද? (එවිට) ‘හම්වු’ නොහොත් බිරියගේ සහෝදරිය මරණය වේ යැයි එතුමා පැවසුවේය.අල් හම්වු යනු ස්වාමි පුරුෂයාගේ සහෝදරයා හා මහප්පාගේ පුතා වැනි ස්වාමි පුරුෂයාට වඩාත් සමීපතයින් අතුරින් වූ ඒ හා සමාන අය වේ යැයි ලෙයිස් තුමා පවසනු තමන් අසා ඇති බව පවසමින් ඉබ්නු වහබ් විසින් ලබා ගෙන අබූ තාහිර් විසින් ප්ර්කාශ කර ඇති බව මුස්ලිම් හි සඳහන් වේ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

ලේ ඥාතී නොවන අන්ය කාන්තාවන් වෙත යෑම, ඔවුන් සමග තනිවී සිටීම පිළිබඳව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අවවාද කළහ. එය පිරිමි හා ගැහැණියගේ සීමාවය. එසේ නැතිනම් ෂෙයිතාන් ඔවුන්ගේ තුන්වැන්නා ලෙස කටයුතු කරනු ඇත. සැබැවින් ආත්මාවන් දුර්වලය. එමෙන්ම පවට පොළඹවන දෑ ශක්තිමත්ය. එවිට එය තහනම් දෑ හි නිරත කරවයි. එහෙයින් ඉන් ඇතිවන හානියෙන් හා කාරණාවලින් දුරස්වීමක් වශයෙන් ඔවුන් සමග තනිවීමෙන් වැළකෙන්නැයි නබි තුමාණන් පවසා ඇත. එවිට මිනිසෙකු බිරියට සමීප සහෝදරිය පිළිබඳ අපට දන්වා සිටිනු. ඇතැම් විට බිරියට සමීප සහෝදරියගේ නිවස පිවිසීමේ අවශ්යතා ඇති වන්නේය. එවිට එහි ස්වාමිපුරුෂයාද සිටිනු ඇත. එයට අවකාශයක් නොවේදැ?යි විමසා සිටියේය. එවිට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ‘හම්වු’ නොහොත් බිරියගේ සහෝදරිය මරණයකි. හේතුව ජනයා ඔහු පිවිසීම අනුකම්පාවක් ලෙස සිතති. එය පිළිකුල් සහගත නොවන ක්රියාවක් යැයිද සලකති. පසුව ඔහු අන්ය කාන්තාව සමග තනි වෙති. ඇතැම් විට අශීලාචාර ක්රියාවන්හි නිරත වෙති. එය නොදැනුවත්වම එය දිගින් දිගටම පවතී. පසුව එය දහම විනාශ කරන්නක් වෙයි. සදා විනාශයට ඇද දමයි. එහෙයින් එයට කිසිදු අවකාශයක් නැත ඔබ එයින් ඈත් විය යුතුයි. ඔබගේ කාන්තාවන් සමග යමෙකු තනිවීමෙන් ප්රවේසම් විය යුතුයි.

التصنيفات

කාන්තාවන් හා බැඳි නීති