إعدادات العرض
1- මෙලොව භුක්ති විඳීමකි. එහි භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ දැහැමි බිරියයි.
2- සැබැවින්ම මෙලොව මිහිරිය. හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු අවධානය කරයි. එබැවින් නුඹලා ලෞකිකත්වය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බුධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.
3- දේව විශ්වාස වන්තයා, දේව විශ්වාසවන්තිය ගැන ක්‍රෝධයක් ඇති කරගත නොයුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළ විට ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත. (තවත් වාර්තාවක) ‘ඒ හැර වෙන් දෙයක්‘ යැයි ද පවසා ඇත.
4- කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, බිරියගේ සහෝදරිය පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද? (එවිට) ‘හම්වු’ නොහොත් බිරියගේ සහෝදරිය මරණය වේ යැයි එතුමා පැවසුහ.
5- අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි. එවිට ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැයි විමසූහ. එතුමා: නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. බුද්ධියෙන් හා ආගමෙන් හීන ස්ත්‍රීන් අතර ඔබගෙන් එකෙකුට වඩා නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කිරීමට සමත් කිසිවෙක් මා දැක නැත.
6- කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය
7- රාත්‍රියේ නැගිට සලාත් ඉටු කොට තම බිරිය අවදි කරවා ඇය පිටුපාන විට ඇයගේ මුහුණට ජලය ඉසින මිනිසකුට අල්ලාහ් කරුණා කරත්වා! එමෙන්ම රාත්‍රියේ නැගිට සලාත් ඉටු කොට තම ස්වාමි පුරුෂයා අවදි කරවා ඔහු පිටුපාන විට ඔහුගේ මුහුණට ජලය ඉසින කාන්තාවකට අල්ලාහ් කරුණා කරත්වා!
8- නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. එසේම සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ.
9- බරීරා තුමිය හා ඇයගේ ස්වාමියා පිළිබඳ කතාව.